යාපන කලා පීඨයේ පන්ති වර්ජනයක් යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පංති තහනම් කර සිටින සිව්වන හා තෙවන වසර සිසුන්ගේ තහනම ඉවත්කරන ලෙස ඉල්ලා අද (17) එම විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු හා දෙවන වසරෙහි සිසූහූ පංති වර්ජනයක නිරතවුහ. 17 January 2018
ගවයා දුම්රියේ ගැටී අනතුරු දෙකක් යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට යාපනය මීසාලෙයි වීරසිංහම් විදුහල අසලදී අද (17) ගවයින් දෙදෙනකු හැපී පාසල් දැරියකගේ වැදීම හේතුවෙන් ගවයින් දෙදෙනා මිය ගොස් දැරිය තුවාල ලබා ඇති බව චාවකච්චේරි පොලීසිය කියයි. 17 January 2018
වෙන්නප්පුව සමූපකාරයේ ලක්ෂ 42ක වංචාවක් වෙන්නප්පුව සමූපකාර සමිතියේ සිදුව ඇතැයි කියන රුපියල් ලක්ෂ 42 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි හිටපු සාමාන්යාධිකාරිවරියට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත කොට්ඨාස පොලිස් විශේෂ විමර්ශන අංශය පවසයි 17 January 2018
විශේෂ මෙහෙයුමකින් තංගල්ලේ 178 ක් අත්අඩංගුවට තංගල්ල පොලිස් කොට්ඨාසය තුළ ඇති සියළුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 178 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 17 January 2018
අරලගංවිල පාළු ළිඳක අලුත උපන් බිළිඳකුගේ සිරුරක් පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පිහිටි පාළු ළිඳක දමා තිබියදී අරලගංවිල පොලිසියට හමුවූ අලුත උපන් බිළිඳකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉදිරියේ ගොඩගනු ලැබුවා ය. 17 January 2018
හුංගම මෝලක සහල් රෝසපාට කරයි නීතිවිරෝධී ලෙස සහල් වර්ණ ගැන්වීම සිදුකළ ස්ථානයක් අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ නිළධාරින් විසින් වටලා එම ස්ථානයේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත. 17 January 2018
අඟුණකොළපැලැස්සේ ඇළක මළසිරුරක් අඟුණකොළපෑලැස්ස දන්දෙනිගම ප්‍රදේශයේ ඇළක පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් අද සවස 6.30ට පමණ සොයා ගත් බව පොලිසිය පවසයි.මෙය දියේ ගිළී මිය යෑමක්ද, එසේත් නැතහොත් අපරාධයක්ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ බවත්වයි. 16 January 2018
ඩෙංගු මරුවා හිටපු ඇමති සිරිපාල ගම්ලත්ගේ දියණිය බිලිගනී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ දෙටු දියණිය රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඩෙංගු උණ රෝගය වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (16) අලුයම අභාවප්‍රාප්ත වූවාය. 16 January 2018
ගොඩගම ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි හෝමාගම ගොඩගම නගරයේ ඉන්ධන පිරවුම්හලකට අද(16) කඩුවක් අතැතිව යතුරු පැදියකින් පැමිණි සම්පූර්ණ මුහුණ ආවරණය කරන ලද ආරක්ෂිත හිස් ආවරණ පැළදි පුද්ගලයින් දෙදෙනකු එහි සිටි සේවකයින් බිය ගන්වා මුදල් ලාච්වුවද රැගෙන පලා ගොස් ඇතැයි මීපේ පොලිසිය පවසයි. 16 January 2018
කටුනායක අවට රස්තියාදු ගැසූ 26කට ඇප විවිධ අකටයුතුකම් සිදුකිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ නිදැල්ලේ රැඳී සිටි බව කියන 33 දෙනකුගෙන් 26ක් ඇප මත මුදාහැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(16) නියෝග කළාය. 16 January 2018
වැලිපැන්නේ සිසුන් 22 ක් රෝහලේ මතුගම වැලිපැන්න කටුවාලගොඩ කනිෂ්ඨ විදුහලේ සිසුන් 22 දෙදෙනෙක් ආසාදන තත්ත්වයක් නිසා වෑත්තැව රෝහලට ඇතුලත් කර ඇත. 16 January 2018
යතුරුපැදියෙන් නොයෙන ගමන් යයි කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් තරුණයෙකු අද(16) අලුයම පාලමකින් ඇදවැටී මිය ගොස් ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි. 16 January 2018
හැටන් ඉඩමක් නිසා ගමක් කැළඹෙයි අඹගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ පාලනය වු හැටන් ගාමිණීපුර වඩු පාසල හා ඒ අවට ඉඩම ප්‍රදේශයේ ව්‍යපාරිකයෙකු විසින් වංචනික ලෙස අත්පත් කර ගෙන ඇති බව පවසමින් එම ගම්මානයේ වැසියෝ හා හැටන් වත්තේ වතුකම්කරුවෝ පිරිසක් අද(16) විරෝධය පළ කළහ. 16 January 2018
පැන ගිය සිරකරු දෙයියන්වලින් අල්ලයි අරණායක පොලිසියේ පොලිස් සිර මැදිරියෙන් මීට මාස 2 කට පමණ පෙර පලා ගිය සැකකරුවෙක් දෙයියන්වල දී අද (16) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි. 16 January 2018
ගංජා සමග අයෙක් කොටුවෙයි හබරණ සෆාරි ජීප් රථ රියැදුරන්ට සහ සංචාරක මග පෙන්වන්නන්ට ගංජා විකුණන බව කියන පුද්ගලයෙකු ගංජා කිලෝ 1යි, ග්‍රෑම් 240 ක තොගයක් සමඟ අද(16) කාශ්යපගමදී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි. 16 January 2018
ත්‍රී රෝද - මෝටර් රථ අනතුරින් සිසුවෙක් රෝහලේ මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබු පාසල් සිසුවෙක් දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි හැටන් පොලිසිය පවසයි. 16 January 2018
සැමියා, බිරිඳ සහ පුතු මහපාරේ විරෝධතාවක තමන් පදිංචි නිවසට හානි වන අන්දමින් යාබද ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකිරිමට අවසර දීමට එරෙහිව විරෝධය පා තරුණ සැමියෙක් සහ බිරිඳ අවුරුදු හයක් වයසැති සිඟිති පුතු සමඟ අද (15) කොලොන්න ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක් ඇරඹීය. 15 January 2018
හොර පාරෙන් ණය ගත් හතරක් රිමාන්ඩ් ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් 70 දෙනෙකුගේ නම්වලින් ණය ඉල්ලූම් පත් ගොනු සකසා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කර ණය මුදල් ලබාගත් බව කියන කොළඹ කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලවීර මහත්මිය අද (15) නියෝග කළාය. 15 January 2018
සබරගමුව සරසවියට නව ලේඛකාධිකාරීවරයෙක් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ 6වැනි ලේඛකාධිකාරීවරයා ලෙස වී.ඩී. කිත්සිරි මහතා සියධූරයේ අද(15) පෙරවරුවේ වැඩ භාරගනු ලැබීය. 15 January 2018
විදුලි බුබුලු කම්හලකින් ලක්ෂ 29 ක භාණ්ඩ සොරාගනී මිල්ලිනිය එල්ඊඞී විදුලි බුබුළු නිෂ්පාදනය කරන ආයතනයකින් රුපියල් විසිනවලක්ෂ හැටදෙදහසක් වටිනා භාණ්ඩ සොරා ගත් බව කියන කළමනාකරුවකු අද (15) අත්අඩංගුවට ගත් බව පානදුර විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි. 15 January 2018
මිහින්තලේ රිය අනතුරකින් සිංහ කුලුණ කුඩු මිහින්තලය නගරයේ අද(15) අලුයම සිදු වූ රිය අනතුරකින් නගර මධ්‍යයේ ඉදකර තිබූ පැරණි සිංහ කුලුන සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව මිහින්තලය පොලීසිය පවසයි. 15 January 2018
හොරකම් කළ වාහන දෙකක් බද්දෙගමින් මතුවෙයි මාතර නායිම්බල ප්‍රදේශයේ හෝටලයක නවතා තිබියදී සොරකම් කරන ලදැයි කියන රුපියල් අසූ ලක්ෂයක් වටිනා සුබෝපභෝගී ජීප් රථයක් හා මෝටර් රථයක් බද්දේගම නිවසක සඟවා තිබියදී එම හෝටලයේ සේවකයකු සමග අද (15) සැකපිට අත් අඩංගුවටගත් බව තිහගොඩ පොලීසිය පවසයි. 15 January 2018
හල්දුම්මුල්ලේ අයෙක් ගසකින් වැටී මරුට හල්දුමමුල්ල නීවුඞ් වතුයායේ ගසක අත්තක් කැපීමට ගිය වතු කම්කරුවකු අද (15) දහවල් ගසෙන් වැටීමෙන් බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 15 January 2018
පොල්ගහඅරාවේ අනතුරින් පහක් රෝහලේ අරාව-පොල්ගහඅරාව මාර්ගයේ ගමන් ගත් ත්‍රි රෝද රථයක් අද (15) පොල්ගහඅරාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් තිදෙනකු ඇතුළු පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 15 January 2018
අනියම් ඇසුරක් නිසා 4 ක් රෝහලේ තම බිරිය ඇතුළු සිව්දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය කියයි. 14 වැනිදා රාත්‍රීයේ පල්ලම පොලිස් වසමේ විල්පත ප්‍රදේශයේදී මෙම පිහි ඇනුම සිදුවී ඇත. 15 January 2018
හලාවත නගර සභා සෞඛ්‍ය සේවකයෝ වැඩවරති හලාවත නගර සභා සෞඛ්‍ය අංශයේ රියැදුරකුට පහරදීමක් සම්බන්ධයෙන් අදාළ සැකකරු අත් අඩංගුවට නොගැනීම නිසා එම අංශයේ සියදුම සේවක සේවිකාවෝ අද(15) පෙරවරුවේ සිට වැඩ වැරූහ. 15 January 2018
පල්ලම පොලිසියෙන් රජයට ලක්ෂ 21 ක පල්ලමක් 2017 වර්ෂය තුළ පල්ලම පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් කරන ලද දඩ පත් නිකුත් කිරීමෙන් සහ අත්අඩංගුවට ගත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කර දඩ නියම කිරීමෙන් රජයට රුපියල් 21,48,750 ක ආදායමක් ලැබී ඇත. 15 January 2018
මෝටර් රියක් බදුලු ඔයට පෙරළෙයි බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 5 කණුව ප්‍රදේශයේදී අද (14) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 පමණ ප්‍රපාතයකින් පහළ බදුලු ඔයට පෙරළීයාමෙන් මෝටර් රථයට දැඩි ලෙස අලාභ හානි සිදුවී තිබේ. 14 January 2018
ගම්පහට ආපදා සහන දෙන්න ලක්ෂ 70ක් දැඩි සුළං සහිත වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙහි සිදුවු ආපදා තත්ත්වය මත පීඩාවට පත්ව සිටින පවුල් සඳහා ආධාර ලබාදීම සඳුදා (15) ආරම්භ කරන බවත් මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 70 ක මුදලක් ලබාදී ඇති බවත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 14 January 2018
කොටගල තෙත්බිමත් විනාශ වෙන ලකුණු හැටන් - නුවරඑළිය මාර්ගයේ කොටගල නගරයේ පිහිටි අක්කර 25 කින් පමණ සමන්විත කොටගල තෙත් බිම් කලාපය මේ වනවිට විනාශ වී යෑමේ අවධානමට ලක්ව ඇතැයි කොටගල වැසියෝ පවසති. 14 January 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025