නාඳුනන මළ සිරුරක කොටස් හමුවෙයි
කෑගල්ල, නිල්වක්ක, වඩුවාදෙණිය ප්රදේශයේ කැලෑ බද පෙදෙසක තිබී නාඳුනන මළ සිරුරක කොටස් අද(5 ) සොයාගත් බව කෑගල්ල පොලිසිය පවසයි.වඩුවාදෙණිය, බෙලිගොල්ලවත්ත ප්රදේශයේ පදිංචිව සිටි එම්.කේ. ලීලා රංජනී නැමැති කාන්තාවක් මෙසේ මියගොස් සිටින බවට අනුමාන කළහැකි බවත් පසුගිය දෙසැම්බර් 17 වැනිදා සිට ඇය ආගිය අතක් නොමැති බවට පැමිණිල්ලක් ඇගේ දියණිය විසින් දෙසැම්බර් 18 වැනිදා සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.