(කග කරුණාරත්න)
බාල වයස්කාර පාසල් දැරියක් නීත්‍යානකූල දෙමාපිය බාරකාරත්වයෙන් තොරව අපහරණය කොට ස්ත්‍රී දූෂණයක් සිදු කළැයි කියන 26 හැවිරිදි පුද්ගලයෙක් අද (9) අත් අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
මෙම ක්‍රියාවට ආධාර අනුබල දුන් බව කියන තරුණයාගේ මව සහ පියාද දැරියගේ මව සහ පියාද අත් අඩංගුවට ගෙන ඇත.
අතවරයට ලක්වූ 15 හැවිරිදි පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රෝහල් ගත කොට ඇත.
පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයා මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර හෙතෙම පෞද්ගලික ආයතනයක වෙළඳ සේවකයක් ලෙස සේවය කරන බවද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු ඇතුළු පස් දෙනාම අද (9) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd