(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය වස්සාවුල්ල ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ 1ක් හා ග‍්‍රෑම් 503ක් යතුරුපැදියකින් ප්රවාහනය කරමින් සිටි දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඉලූක්හේන වස්සාවුල්ල හා ගලහිටියාව පදිංචි දෙදෙනෙක් එසේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී එළැඹෙන 11 දක්වා රඳවාගැනීමට මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා රැඳවුම් නියෝගයක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd