ක ග කරුණාරත්න
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පොලොන්නරුව සහ කදුරුවෙල අතර මාර්ගය පුළුල් කිරීමේ කටයුතු කරන පෞද්ගලික ඉදිකිරීම් සමාගමක ඉංජිනේරුවරයකුට පුද්ගලයකු පහරදී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ එම ඉංජිනේරුවරයා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
එම සිද්ධියෙන් පසුව ඉදිකිරීම් සමාගමේ සේවකයින් පිරිසක් සහ පහර දුන් පුද්ගලයා අතර ඇති වීමට ගිය ගැටුමක් පොලිසිය මැදිහත් වීමෙන් වළක්වා ගැනීමට හැකි වී තිබේ.
ඉංජිනේරුවරයාට පහර දුන් බව කියන පොළොන්නරුව 28 කනුව ප්‍රදේශයේ පදිංචිකරුවකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd