බෝක්කුව හා මාර්ගය හදා දෙන්නැයි ගම්වාසීහු විරෝධයක දෙනියාය, යාපිටකන්ද ඉහළ මාර්ගයේ දෙනියාය ග්‍රාම නිලධාරී වසමත් දෙනියාය බටහිර ග්‍රාම නිලධාරී වසමත් වෙන්වන බෝක්කුව සහ මාර්ගය කැඩී මාස 6ක් ගතවී ඇතත් තවමත් එය පිළිසකර කිරීමට කිසිදු බලධාරියකු මැදිහත් නොවූ බව පවසමින් ගම්වාසීහු අද(29) එම බෝක්කුව ඉදිරිපිට සිට විරෝධතාවයක නියැලුණහ. 29 December 2017
පොලිස් විශේෂ මෙහෙයුමකින් 57ක් සැකපිට දන්කොටුව පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි බීමත් රියදුරන් 7 ක් ඇතුළු 57 ක් සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි 29 December 2017
වෝලිබෝල් පිටිය දේවාලයට බාධාවක් බව කියමින් විරෝධයක් දෙනියාය වත්ත ඉහළ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසල ඇති වොලිබෝල් ක්‍රීඩා පිටිය පූජා කටයුතුවලට බාධාවක් බව පවසමින් සහ එය වෙනත් තැනක ඉදිකර දෙන ලෙස පවසමින් වතු කම්කරුවෝ පිරිසක් අද (28) දෙනියායවත්ත ප්‍රධාන පිවිසුම ඉදිරි පිට විරෝධතාවයක නියැලුණහ . 28 December 2017
හැටන් - කොළඹ කොන්දොස්තරලා හිතූමතේට වැඩ හැටන් ලංගම ඩිපෝව මගින් දිනපතා කොළඹ දක්වා ධාවනය වන ලංගම බස් රථවලට අවිස්සාවේල්ල දක්වා ගමන් ගන්නා මගින්ට ගමන් කිරිමට අවස්ථාව ලබා නොදිම නිසා මගිහු දැඩි අසිරුතාවයකට පත්වී සිටිති. 28 December 2017
ලොරි රථ දෙකක් ගැටී අයෙක් මරුට හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රි 9.15 ට පමණ ලොරි දෙකක් මුහුණට මුහුණලා ගැටීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් එක් ලොරියක රියැදුරකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි හබරණ පොලීසිය කියයි. 28 December 2017
පුත්තලමේ ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක් ගතවු වසර හතර ඇතුළත පුත්තලම දිසාවේ එච්.අයි.වී (ඒඩ්ස්) ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ඇති අතර 2017 වසරේදී මේ වන විට ආසාදිතයින් 113ක් හඳුනා ගෙන ඇති බවත් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ලිංගාශ්‍රීත රෝග මර්දන ඒකකය බාර වෛද්‍ය නන්දන රෝහාන් අමරජීව මහතා පැවසීය. 28 December 2017
වන සතුන්ට ගිනි බිඳින්න ගිය දෙන්නෙක් කොටුවෙයි විදෙස් රටක නිෂ්පාදනය කළ බලපත්‍ර රහිත ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු පුත්තලම - පාවට්ටා මඩුව රක්ෂිත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 28 December 2017
පොහොර බෙදීමේ අසාධාරණයක් ගැන ගොවීන්ගෙන් චෝදනා පොළොන්නරුව පුලස්තිගම ගොවින්ට තම වගාවන් සදහා අවශ්‍ය පරිදි පොහොර නොමැතිකමින් ගොවිජන සේවා මධ්‍යස්ථානවල දින ගණන් පෝලිමේ සිටියත් පොහොර ලබා ගත නොහැකි බවත් තමන් පොලිමේ සිටියදි ගොවිජන සේවා නිලධාරින්ගේ හිතවතුන්ට හොර රහසේ පොහොර ලබා දෙන බවත් ගොවීහු කියති. 27 December 2017
යාපනයේ හඳුනානොගත් උණ රෝගයක් හදුනානොගත් උණ රෝගයක් වැළඳීම හෙතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ 8 හැවිරිදි දරුවකු අද (27) මරණයට පත්ව ඇත. 27 December 2017
මහේස්ත්‍රාත්ට පරුෂ වචනයෙන් බැන්න තුනක් අත්අඩංගුවට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදුණේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. 25 December 2017
කුණු කෑ අලියාට අසාධ්‍යයයි අම්පාර දීඝවාපි ප්‍රදේශයේ කුණු කන්ද අසල වල් අලියෙකු වැටී නැගිට ගැනිමට නොහැකිව පණ අදිමින් සිටින බව ප්‍රදේශවාසීහු පවසති. 25 December 2017
ප්‍රධාන ජල නලයේ කාන්දුවට දින තුනයි ජාතික ජල සම්පාදනයට අයත් අරණායක ඇටම්පාවල ප්‍රධාන ජල ටැංකියේ සිට හොරේවල සහ ඒ අසාන්න ප්‍රදේශයට යන ප්‍රධාන ජල නළයේ ජල කාන්දුවක් සිදු ව දින තුනක් ගත වුවත් මෙතෙක් එය අලුත්වැඩියා කිරිමට පියවර ගෙන නැති බව ප්රාදේශවාසින් පෙන්වා දෙති. 25 December 2017
දුම්රියේ ගැටී සද්දන්තයා අවසන් ගමන් යයි. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ’’මීනගයා’’ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අද (24) අලුයම 3.00 ට පමණ වැලිකන්ද, කොළකනාවාඩිය ප්‍රෙද්ශයේදී සද්ධන්තයෙකු අකාලයේ මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති. 24 December 2017
දකුණු පළාතේ හොඳම සෞඛ්‍ය සේවා සම්මානය හම්බන්තොටට දකුණු පළාතේ හොඳම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට හිමි රන් සම්මානය හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට හිමි වී ඇත. 24 December 2017
මාවා කිලෝ 100 ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා ගංජා මිශ්‍ර දුම්කොළ නොහොත් මාවා නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පේදුරුතුඩුව ඉම්බසෙට්ටි ප්‍රදේශයේදී ඊයේ (23) සවස අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලිසිය පැවසීය. 24 December 2017
දුම්රියේ ගැටී සද්දන්තයා අවසන් ගමන් යයි. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ’’මීනගයා’’ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අද (24) අලුයම 3.00 ට පමණ වැලිකන්ද, කොළකනාවාඩිය ප්‍රෙද්ශයේදී සද්ධන්තයෙකු අකාලයේ මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති. 24 December 2017
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 10 ක් පළාත් පාලන ආයතන මැතිවරණ කටයුතු වෙනුවෙන් නාමයෝජනා මෙවර බාරදුන් දිනයේ සිට මැතිවරණ පැමිණිලි 10 ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තම කාර්යාලටය වාර්තා ව තිබු බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඒ.බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා පැවසීය. 24 December 2017
ගෙදර තිබූ ගංජා ගසත් සමගින් අයෙක් අත්අඩංගුවට මුන්දලම පොලිස් වසමට අයත් සෙම්බැට්ට වජිරවත්ත ප්‍රදේශයේ ගෙවත්තක් තුළ වගාකර තිබූ බව කියන සරුසාර ගංජා ගසක් සොයා ගැනීමට අද (23) දින පෙරවරුවේ දී මුන්දලම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්වී තිබේ. 23 December 2017
මහවැව නුසුදුසු ආහාර අළෙවි කළ 28 කට නඩු මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිදු කරන ලද වැටලීම් වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි ව්‍යාපාරිකයින් 28 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. 23 December 2017
සබරගමුවට විදේශ සේවා කාර්යංශ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමු පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය රත්නපුර, නවනගරයේ, විද්‍යාල මාවතේ අංක 89/6, දරන ස්ථානයේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 22 December 2017
හොරෙන් වැලි පැටවු අයෙක් අත්අඩංගුවට හැටන් සිට බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් ලොරි රථයකින් වැලි ප්රවහානය කළ සැකකරුවෙක් නොර්වුඩ් හි දී අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 22 December 2017
හිමිකරුවෙක් නැති යතුරුපැදියක් මීගහකිවුලෙන් අයිතිකරුවෙකු නොමැති යතුරුපැදියක් බදුල්ල මහියංගණ මාර්ගයේ ජාතික පාසල ඉදිරිපිට පිහිටි මල්වත්ත බෝක්කුව තුළට වැටී හිරවී තිබියදී අද (22) සොයා ගත් බව කන්දකැටිය පොලිස් රථවාහන අංශය පවසයි. 22 December 2017
පාසලේ පරිගණක සොරාගත් සිසුවකු ඇතුළු 3ක් අත්අඩංගුවට අතුරුගිරිය හෝකන්දර රත්න කණිෂ්ඨ විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය කඩා පරිගණක ඇතුළු උපාංග සොරකම් කළ එම විද්‍යාලයේම උසස් පෙළ සිසුවකු ඇතුළු තරුණයින් තිදෙනෙකු සැක පිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 22 December 2017
පොළොන්නරුවේ වැසිකිළි උතුරයි පොලොන්නරුව- කදුරුවෙල -හිගුරක්ගොඩ ජනාකිර්ණ ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවල රාජ්‍ය ආයතන සහ නගරවල වැසිකිලි පද්ධති තුළ මළ අපද්‍රව්‍ය ප්‍රාදේශිය බැහැර නොකරිම හේතුවෙන් පිටාර ගැලිමෙන් දැඩි දුඟදක් හමන බව එම ප්‍රදේශවල පදිංචි ජනතාව කියති. 21 December 2017
හොරෙන් වල් ඌරුමස් අලවි කළ අයෙක් අත්අඩංගුවට නාවලපිටිය කොළපතන කැටකිඹුලාවල ප්‍රදේශයේ වෙළඳසලක් නීතිවිරෝධී ලෙස වල් ඌරුමස් අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් මස් කිලෝ 80 ක් සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 21 December 2017
මුදලට බූරු ගැසූ 7ක් අත්අඩංගුවට වෙන්නප්පුව කොළින්ජාඩිය ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය මුදලට බූරු ගැසිමේ ස්ථානයක් වටලා සැකපිට තරුණයන් 7 දෙනෙක් හා මුදල් තොගයක් අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 21 December 2017
බණ්ඩාරවෙල - ඌව කොස්ගම බසය තවමත් නෑ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් ඌව කොස්ගම දක්වා ධාවනය කිරීමේදී පසුගියදා සිදුවූ අනතුරෙන් පසු මේ වන තුරු බස්රථයක් නොදැමීම නිසා ප්‍රදේශවාසීහු අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. 20 December 2017
බණ්ඩාරවෙල - ඌව කොස්ගම බසය තවමත් නෑ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් ඌව කොස්ගම දක්වා ධාවනය කිරීමේදී පසුගියදා සිදුවූ අනතුරෙන් පසු මේ වන තුරු බස්රථයක් නොදැමීම නිසා ප්‍රදේශවාසීහු අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. 20 December 2017
මහියංගණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදීලා හසලක පොලිස් වසමට අයත් වේරගංතොට ප්‍රදේශයේ ආපන ශාලාවක් අසලදී කිසියම් පිරිසක් විසින් මහියංගණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී ඇතැයි පොලිසිය පවසයි. 20 December 2017
වව්නියාවේ වෙළඳසලක් කොල්ල කාලා වව්නියාව තෝනික්කල් ප්‍රදේශයේ වෙළඳසලක් අද(20) අලුයම කිසියම් කොල්ලකල්ලියක් විසින් කොල්ල කා ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. 20 December 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025