(එස් .ඩී.කොඩිකාර )
දෙනියාය වත්ත ඉහළ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසල ඇති වොලිබෝල් ක්‍රීඩා පිටිය පූජා කටයුතුවලට බාධාවක් බව පවසමින් සහ එය වෙනත් තැනක ඉදිකර දෙන ලෙස පවසමින් වතු කම්කරුවෝ පිරිසක් අද (28) දෙනියායවත්ත ප්‍රධාන පිවිසුම ඉදිරි පිට විරෝධතාවයක නියැලුණහ .
විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණය කළ ඔවුන් කියා සිටියේ මෙම ක්‍රීඩා පිටිය හේතුවෙන් ඔවුන්ගේ පූජා කටයුතුවලට මහත් බාධාවක් සිදු වන බවයි .
තව ද ඔවුන් පවසන්නේ මෙම පූජා භූමිය ආසන්නයේ ඇතැම් දිනවල මත්පැන් පානය කර හිස් බෝතල් සහ බීර ටින් ඇතුළු විවිධ දෑ පූජා භූමියට විසිකර දමන බවයි .
ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ සභාපති වූ එම් .සදාසිවම් පවසන්නේ ක්‍රීඩා පිටිය හෝ කෝවිල වෙනත් තැනක ස්ථාපිත කර දෙන ලෙසට ඉල්ලීම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ට මේ සම්බන්දව ලිඛිත ව දැනුම් දුන්නත් මේ වන තෙක් කිසිඳු විසඳුමක් නො ලැබී ඇති බවයි.
උද්ඝෝෂණය සිදු වන අතරතුර එම ස්ථානයට පැමිණි දෙනියාය වතුයාය සහකාර වතු අධිකාරිවරුන් සහ කොටපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ආනන්ද කුමාර මහතා ඇතුළු පිරිස පැමිණ උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කර අමාත්‍ය සාගල රත්නායක මහතා ලබන (30) දින හමුවී විසදුමක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.


2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෝලිබෝල් පිටිය දේවාලයට බාධාවක් බව කියමින් විරෝධයක්