(නිශාන්ත කුමාර)
හසලක පොලිස් වසමට අයත් වේරගංතොට ප්‍රදේශයේ ආපන ශාලාවක් අසලදී කිසියම් පිරිසක් විසින් මහියංගණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධීයෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මහියංගණ මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවනු ලැබ සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනකු අද (20) අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දීමකට ලක් වූවානම් පහර කෑ පුද්ගලයා දොස්තර කෙනෙක්ද සාමාන්‍ය කෙනෙක්ද කියන එක ප්‍රස්නයක් නැහැ. පුවත්පත් වාර්තාකරු උත්සාහගෙන ඇත්තේ පහර කෑ පුද්ගලය දොස්තර කෙනෙකු නිසා එය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිය යුතු වරදක් බව පෙන්වීමටය. මෙය කුමක් හෝ පෞද්ගලික ප්‍රස්නයක් විය හැක. රෝහල පරිස්‍රයේදී රාජකාරී කාලය තුල පහර කෑමකට ලක්වූවේනම් නීතිමය වශයෙන් වෙනසක් විය හැකි මුත් මෙය එවැනි දෙයක් නොවන නිසා දොස්තර උලුප්පා තැබීම සුදුසු නොවේ. රටේ සෑම පුද්ගල්යෙක්ම සමාන අයිතිවාසිකම් තිබිය යුතුය.