(ප්‍රින්ස් රත්නායක)
බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් ඌව කොස්ගම දක්වා ධාවනය කිරීමේදී පසුගියදා සිදුවූ අනතුරෙන් පසු මේ වන තුරු බස්රථයක් නොදැමීම නිසා ප්‍රදේශවාසීහු අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඉකුත් ඔක්තෝම්බර් මස 4 වැනිදා බණ්ඩාරවෙල සිට ඌව කොස්ගම දක්වා ධාවනය කළ ලංගම බස්රථය හපුතලේ උඩ විහාරගල දී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට පත්වූ අතර රියදුරු එච්.එම්. කීර්ති බණ්ඩාර ඇතුළු තිදෙනකුට ජීවිත අහිමි කරමින් තවත් පිරිසකට තුවාල සිදු කරමින් වූ අනතුරින් පසු මේ වනතෙක් එම ගමට බසයක් ලබාදීමට බණ්ඩාරවෙල ඩිපෝව අසමත්ව තිබේ.
මේ හේතුවෙන් ගමේ පිරිස් තම අවශ්‍යතා ඉටුකරගැනීමට කිලෝමීටර් 7 කට ආසන්න දුරක් පයින් ගමන් කිරීමට සිදුව තිබෙන බවද පැවසේ. වනඅලි ගම්වැදීම හේතුවෙන් මේ තත්වය තවත් උග්‍රව පවතින බව හා මගතොට පයින් ගමන් කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද ගම්වාසීහු පෙන්වාදෙති. මේ සම්බන්ධව බණ්ඩාරවෙල ඩිපෝඅධිකාරී ටී.එච්. සෝමපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ බස්රථවල හිඟයක් පසුගිය දිනවල පැවති බවත් මේ වෙන විට බස් රථ කීපයක් ලැබී තිබෙන බැවින් ඒවා අලුත්වැඩියා කරගෙන යන බවයි.
කෙසේ වෙතත් ජනවාරි පළමුවැනිදා සිට බස්රථයක් ලබාදීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බණ්ඩාරවෙල - ඌව කොස්ගම බසය තවමත් නෑ
Prabath Wednesday, 20 December 2017 07:24 PM
ඉතාමත් කනගාටුදායකයි. මැති ඇමති වරුන්ට වාහන ගෙන්වනවා වගේ නෙවෙයි. අලුතෙන් දෙන්න යන්නෙත් අලුත්වැඩියා කරන ලද පරණ බස්. " ඩිපෝඅධිකාරී ටී.එච්. සෝමපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ බස්රථවල හිඟයක් පසුගිය දිනවල පැවති බවත් මේ වෙන විට බස් රථ කීපයක් ලැබී තිබෙන බැවින් ඒවා අලුත්වැඩියා කරගෙන යන බවයි.". මට මතකයි හැප්පුනෙත් කැලණිය ඩිපෝවෙන් දීපු පරණ බස් එකක්. ඔය පැත්තේ ඉන්න මහජන නියෝජිතයන්ට මේවා පේන්නේ නැද්ද?