සිරාජ් හසීම්
හදුනානොගත් උණ රෝගයක් වැළඳීම හෙතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ 8 හැවිරිදි දරුවකු අද (27) මරණයට පත්ව ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ යාපනය උඩුපිඩි ප්‍රදේශයේ පදිංචි පී.නිවාසන් නමැත්තෙකි.
මෙම සිසුවා උණ රෝගයක් වැළදීමෙන් පසුගිය 23 වැනිදා මාන්තෙයි මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණු අතර තත්වය බරපතල වීම මත දරුවා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කර එවා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව ඇත.
මෙම සිසුවාට වැළදී තිබූ උණ රෝගය හඳුනානොගත් රෝගයක් යැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ගතවූ තෙමසක කාලය තුළ මුලතිව් හා යාපනය ප්‍රදේශවල 20 දෙනකු පමණ මෙම හඳුනානොගත් උණ රෝගයෙන් මරණයට පත්ව තිබෙන බවත් එම රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෛද්‍ය කණ්ඩායමක් යාපනයට එවා ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනය හා දකුණු ඉන්දියාව අතර තිබෙන සම්බන්ධය ජන වාර්ගික, සංස්කෘතික හා ආගමික මෙන්ම නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය ද වෙනවා. මේ නිසාම ලංකාවේ දකුණේ නැති රෝගාබාධ ද යාපනයට ඇතුල් වීම නොවැලැක්විය හැකියි.