IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පොළොන්නරුවේ වැසිකිළි උතුරයි

(ඩබ්. ඒ. පියතිලක)

පොලොන්නරුව- කදුරුවෙල -හිගුරක්ගොඩ ජනාකිර්ණ ප‍්‍රදේශවල පිහිටි  ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශවල  රාජ්‍ය ආයතන සහ නගරවල වැසිකිලි පද්ධති තුළ මළ අපද්‍රව්‍ය  ප‍්‍රාදේශිය බැහැර  නොකරිම හේතුවෙන් පිටාර ගැලිමෙන් දැඩි දුඟදක්  හමන බව එම ප‍්‍රදේශවල පදිංචි ජනතාව කියති.

දැනට මාස කිහිපයක සිට මෙම ප‍්‍රදේශවල පොදු වැසිකිලි ඇතුළු අනිකුත් ස්ථානයන්හි මළ අපද්‍රව්‍ය බැහැර කිරීම් ආදාළ ප‍්‍රාදේශිය සහා විසින් සිදු නොකිරීම පිළිබඳ ජනතාව ප‍්‍රාදේශිය සභාවලට පැමිණිලි කළද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැතිකම මත මුඑ පොලොන්නරුවේ සෑම නගරයකම මළ අපද්‍රව්‍ය  සහිත ස්ථාන පිටාර ගලා දුගඳ හමන බව ජනතාව පවසති.

මේ පිළිබද හිගුරක්ගොඩ ප‍්‍රාදේශිය සභාවේ ලේකම්  එන්. පී. කේ. රඹුක්කනගේ මහත්මියගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ මළ අපද්‍රව්‍ය බැහැර කළේ කවුඩුල්ල  ජාතික උද්‍යානයේ ස්ථානයකට බවත් ඉකුත් ඔක්තෝබර් සිට එම ස්ථානයට මළ අපද්‍රව්‍ය එහි  නොදමන ලෙස  කවුඩුල්ල වනජිවි  කාර්යාලය දැනුම් දුන් බවත්ය.

ඇය මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට ලිඛිතව හා වාචිකව දැනුම් දුන් බවත් මේ වනතුරු විසඳුමක් නොලැබුණු බවත් කියා සිටියාය.

මේ පිළිබඳ තමන්කඩුව ප‍්‍රාදේශිය සභාවේ ලේකම්  ආර්. ඒ. හේමකාන්ති මහත්මිය කියා සිටියේ මෙම ප‍්‍රදේශයේ මළ අපද්‍රව්‍ය මින් පෙර බැහැර කළේ ගල්ලෑල්ලේ නෙළුම් වැව පිහිටි  පිළිසරු ව්‍යාපෘති භුමියේ නමුත් දැන් එහි ජනතාවගේ දැඩි විරෝධය මත එම ස්ථානයට අපද්‍රව්‍ය බැහැර නොකරන බවත්ය. පසුව හිගුරක්ගොඩ ප‍්‍රාදේශිය සභාවට කවුඩුල්ල ජාතික උද්‍යානයෙන් ස්ථානයක් ලබාදී තිබූ නමුත් වනජීවිය එය තහනම් කළ බවත්ය.



අදහස් (0)

පොළොන්නරුවේ වැසිකිළි උතුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31507 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13846 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site