(ප්‍රින්ස් රත්නායක)
බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ලංගම බස්රථයක් ඌව කොස්ගම දක්වා ධාවනය කිරීමේදී පසුගියදා සිදුවූ අනතුරෙන් පසු මේ වන තුරු බස්රථයක් නොදැමීම නිසා ප්‍රදේශවාසීහු අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඉකුත් ඔක්තෝම්බර් මස 4 වැනිදා බණ්ඩාරවෙල සිට ඌව කොස්ගම දක්වා ධාවනය කළ ලංගම බස්රථය හපුතලේ උඩ විහාරගල දී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට පත්වූ අතර රියදුරු එච්.එම්. කීර්ති බණ්ඩාර ඇතුළු තිදෙනකුට ජීවිත අහිමි කරමින් තවත් පිරිසකට තුවාල සිදු කරමින් වූ අනතුරින් පසු මේ වනතෙක් එම ගමට බසයක් ලබාදීමට බණ්ඩාරවෙල ඩිපෝව අසමත්ව තිබේ.
මේ හේතුවෙන් ගමේ පිරිස් තම අවශ්‍යතා ඉටුකරගැනීමට කිලෝමීටර් 7 කට ආසන්න දුරක් පයින් ගමන් කිරීමට සිදුව තිබෙන බවද පැවසේ. වනඅලි ගම්වැදීම හේතුවෙන් මේ තත්වය තවත් උග්‍රව පවතින බව හා මගතොට පයින් ගමන් කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද ගම්වාසීහු පෙන්වාදෙති.
මේ සම්බන්ධව බණ්ඩාරවෙල ඩිපෝඅධිකාරී ටී.එච්. සෝමපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ බස්රථවල හිඟයක් පසුගිය දිනවල පැවති බවත් මේ වෙන විට බස් රථ කීපයක් ලැබී තිබෙන බැවින් ඒවා අලුත්වැඩියා කරගෙන යන බවයි.
කෙසේ වෙතත් ජනවාරි පළමුවැනිදා සිට බස්රථයක් ලබාදීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය.
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බණ්ඩාරවෙල - ඌව කොස්ගම බසය තවමත් නෑ