(දයාරත්න ඇඹෝගම)
හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදුණේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් තිදෙනෙකි. මොවුන් මාතලේ සහ ගලේවෙල පදිංචිකරුවෝ වෙති.
නොච්චියාගම ප්‍රෙද්ශයේ නිවසක පැවති අවමගුල් උත්සවයකට සහභාගිවි ආපසු හැටන් බලා යමින් සිටියදි මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට මුහුණ දී තිබූ අතර කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවට මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරිවරයා එදින කැකිරාව පොලිසියට කළ පැමිණිල්ල මත කැකිරාව පොලිසිය විසින් මෙසේ පරික්ෂණයක් ආරම්භකොට සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම රටක් කියන්නේ මහේස්ත්‍රාත් වරයෙකුව දැක්ක ගමන් මෙයාල එහෙම කරලද ?
විනිසුරු වරයෙකුට අසභ්‍ය වචනයෙන් බැන්නත් අත්අඩංගුවට. සාමාන්‍ය මනුස්සයෙක්ට බැන්නා කියලා පොලිස් පැමිණිල්ලක් දන්නා ගියොත් නම් කියාවි බැන්නට මොකටද පැමිණිලි දාන්න ආවේ. අපිට කරන්න රාජකාරි නෑ කියලා හිතුවද කියලා.