වතු වෛද්‍යවරයාට එරෙහිව ළිඳුල කම්කරුවෝ උද්ඝෝෂණයක වතු වෛද්‍යවරයා නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදෙන බව පවසමින් ලිඳුල, ටිලිකුන්ට්රි වත්තේ වතු කම්කරුවෝ අද(5) උද්ඝෝෂණයක නිරත වූහ. 05 January 2018
දිඹුලාගල වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට දිඹුලාගල මිල්ලාන ප්‍රදේශයේදී සිදුවූ වන අලි පහදීමකින් අවුරුදු 77ක පුද්ගලයෙක් එම ස්ථානයේදීම අද (04) ජීවිතක්ෂයට පත්වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ දිඹුලාගල,නව මිල්ලාන ප්‍රදේශයේ පදිංචි ගොඩකයාලාගේ සයිමන් නැමැති අයෙකි. 04 January 2018
ඉමදූවේ වෙළඳසල් 4ක ආහාරයට නුසුදුසු චොකලට් ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ දික්කුඹුරේ සහ ඉමදුවේ වෙළඳසල් 4 ක විකිණීමට තබා තිබූ කජු මිශ්‍රිත ආහාරයට නුසුදුසු චොක්ලට් තොගයක් අත් අඩංගුවට ගැනීමට ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පිරිසක් සමත්වූහ. 04 January 2018
රත්නපුර දිසාවේ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාම යයි රත්නපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.පෙරේරා මහතා සිය වසර 32ක රාජකාරි සේවා කාලයෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරින් සහභාගිත්වයෙන් රත්නපුර මහ නගර සභා සීවලී ක්‍රීඩාංගනයේ දී සමුගැනීමේ පොලිස් සම්මාන ආචාර පෙළපාළියක් පැවැත්විණි. 04 January 2018
නලගම සාදයක ආරවුලකින් 15 ක් අත්අඩංගුවට තංගල්ල මුස්ලිම් නලගම ප්‍රදේශයේදී පැවති සාදයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පුද්ගලයින් පහලොස් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 04 January 2018
මුලතිව් පැල්පතක කාන්තා මළ සිරුරක් මුලතිව් කොලොන්නගර් ප්‍රදේශයේ පැල්පත් නිවසක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගත් බව මුලතිව් පොලීසිය පවසයි. 04 January 2018
සූදු කෙළියට ගිය අටක් කොටුවෙති මුදල් ඔට්ටුවට සූදු කෙළිමින් සිටි බව කියන 8 දෙනකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 04 January 2018
හොරෙන් පොල් කැඩු අයියා-මලෝ අතුළු 3 ක් අත්අඩංගුවට දන්කොටුව කලුඅච්චිමුල්ලේ පොල් වත්තක හොරෙන් පොල් කඩා එහි තිබු වතුර මෝටරයක් සොරාගෙන ගිය තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි. 04 January 2018
හොරෙන් පොල් කැඩු අයියා-මලෝ අතුළු 3 ක් අත්අඩංගුවට දන්කොටුව කලුඅච්චිමුල්ලේ පොල් වත්තක හොරෙන් පොල් කඩා එහි තිබු වතුර මෝටරයක් සොරාගෙන ගිය තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි. 04 January 2018
මාදම්පේ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයෙක් රෝහලට ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එය පදවාගෙන ආ පුද්ගලයෙක් (47) තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 04 January 2018
හමුදා සෙබළා මැරූ සැකකරු කොටුවෙයි හමුදා සෙබළකුට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි පුද්ගලයකු දින 7කට පසු ව අද (03) කොටපොළ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් පැමිණෙමින් සිටියදී පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් ගත් බව දෙනියාය පොලිසිය කියයි . 03 January 2018
දෙණියාය මාළු ලෑලි රත්වෙයි කොටපොළ ප්‍රාදේශීය සභාවට අයත් දෙනියාය නගරයේ මාළු ලෑලි 3 සඳහා නව වසරට ටෙන්ඩර් පත් කැඳවීමෙන් පසු මාළු වෙළඳුන් සහ කොටපොළ ප්‍රාදේශීය සභාව අතර දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි මාළු වෙළෙන්දෝ කියති. 03 January 2018
වැව්පිටිය හා බෝගහකුඹුර සිඳී ගොවීහු අසරණ වෙති වියලුව ආසනය තුළ පිහිටි ප්‍රධානතම වාරිමාර්ග යෝජනා ක්‍රමයක් වන කෝමාරීක ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව රුපියල් කෝටි ගනනක වියදමක් දරා මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ ඉදිකල වැව්පිටිය හා බෝගහකුඹුර ජලාශ දෙකම සිදී යාමෙන් කුඹුරු අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් වසර 2ක කාලයක් තිස්සේ පුරන් වෙමින් පවතින බව ප්‍රදේශයේ ගොවිහු පවසති. 03 January 2018
සෙවනගල වෙළදුන් වෙළදාමෙන් ඉවතට සෙවනගල දණ්ඩුම පොලට පැමිණෙන වෙළඳුන්ගෙන් පොළ බදු එකතු කරන්නා කිසිදු පෙර දැනුම් දිමකින් තොරව ගිය වසරට වඩා දෙගුණයක් බදු මුදල් එකතු කිරීමට යාම හේතුවෙන් අද (2) වෙළෙන්දෝ වෙළදාම් වලින් ඉවත් වී සිටිති. 02 January 2018
උතුරුමැද අධ්‍යාපන කොට්ඨාසයේ පුරප්පාඩු 106 ක් උතුරු මැද පළාතේ පවතින අධ්‍යාපන පරිපාලන නිලධාරින් 106 දෙනෙකුගේ පුරප්පාඩු හේතුවෙන් පළාත් අධ්‍යාපන පරිපාලනය තුළ බරපතල කඩා වැටීමක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්න ප්‍රනාන්දු මහතා පවසයි. 02 January 2018
යාපනයේ අනතුරුවලින් 92ක් මරුට ගතවූ වසරේ යාපනය දිසාව තුළ සිදුව ඇති මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 92 දෙනෙකු මරණයට පත්ව තිබෙන බව යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 02 January 2018
රිදීමාලියද්දේ පොහොර හිඟය උග්‍රවේ මහ කන්නයේ කුඹුරු සහ හේන් වගා කටයුතු ආරම්භ කර මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ වන විට උද්ගතවී ඇති පොහොර හිඟය හේතුවෙන් තම වගාවන්ට මේ වන තුරුත් එක් පොහොර මුරයක් හෝ යෙදීමට නොහැකිවී ඇතැයි වියලුව මහියංගන රිදීමාලියද්ද හා ඒ අවට ප්‍රදේශයන්හි ගොවියෝ පවසති. 02 January 2018
රථවාහන වැරදි කළ රියදුරන් 16450කට නඩු හලාවත පොලීසියේ රථ වාහන අංශය 2017 වර්ෂය තුළදී විවිධ රථ වාහන වැරදි සිදු කළ රියදුරන් 16,450 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර,එම රියදුරන්ට අධිකරණය විසින් රුපියල් 1,36,57,300 ක දඩ මුදලක් නියම කර ඇත. 02 January 2018
උත්සව සමයේ බීමතින් රිය පැදවූ 35කට නඩු පසුගිය 25වැනිදායින් ඇරඹි උත්සව සමයේ පිළියන්දල ප්‍රදේශයේ බිමතින් රිය පැදවු රියදුරන් 35කට නඩු පවරා මාර්ග නීති කඩ කළ රියදුරන් 100කට ආසන්න සංඛ්‍යාවකට දඩකොළ නිකුත් කළ බව පොලිසිය කියයි. 02 January 2018
පදලංගල තරුණයකුගෙන් බස් රථයක අනුරුවක් ඇඹිලිපිටිය පදලංගල තරුණයකු සීට් 54 ලේලන්ඩ් බස් රථයක අනුරුවක් නිර්මාණය කර ඇති අතර එය මේ දිනවල ෆේස්බුක්හි වැඩි කතාබහකට පත්වී තිබේ. 01 January 2018
ගණදෙවි- සීවලී පිළිම යොදා කැලැන්ඩර වික්ක අයෙක් අත්අඩංගුවට හබරණ නගරයේ වෙළඳසලක් මගින් සීවලි හා ගණදෙවි රූපය යොදා ගනිමින් මස් මාංශ පිළිබද විස්තර යොදා කැලැන්ඩර කිහිපයක් බෙදමින් සිටියදී වෙළඳසලේ හිමිකරු අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි. 01 January 2018
නව වසර අරඹමින් දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර නව වසර උදාව සමරමින් පොළොන්නරුව කදුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පළට පැමිණෙන මගී ජනතාවට කිරිබත් කැවුම් කෙසෙල් රසකැවිලි ආදියෙන් සංග්‍රහ කිරීමට කදුරුවෙල වෙළෙඳ සංගමය අද (01) උදේ කටයුතු කළේය. 01 January 2018
වන්දනාවේ එක්කගෙන යනවැයි සල්ලි ගරලා තායිලන්ත වන්දනාවේ රැගෙන යාම සඳහා තලාතුඔය කොස්සින්න ප්‍රදේශයේ පුද්ගලයින් 23 දෙනෙක් රුපියල් 45,000ක් හා ගුවන් ටිකට්පත් එකතුකර ගෙන පලා ගිය වංචාකාරි පුද්ගලයක් සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියට පැමිණිලි කර ඇත. 01 January 2018
නිදන් හැරූ තිදෙනෙක් අත්අඩංගුවට මාඋස්සාව වැව අසල නිධානයක් ගැනීමට සූදානම් කර තිබියදී එයට සම්බන්ධ වූ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි. 01 January 2018
දුරකථනයක් සොරා ගත් තරුණයෙක් අත්අඩංගුවට ජංගම දුරකතනයක් සොරාගත් තරුණයෙක් (18) වෙන්නප්පුව පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 01 January 2018
ඌව කොස්ගම බසය යළිත් බණ්ඩාරෙවළ ඩිපෝව මගින් ධාවනය කළ ඌව කොස්ගම බසය මාරක අනතුරකට ලක්ව තිදෙනෙකු මියයාමත් සමග මාස 3 කට ආසන්න කාලයක් ඌව කොස්ගමට බණ්ඩාරවෙල ඩිපෝවේ බසයක් ධාවනය නොකෙරුනි. 31 December 2017
වකුගඩු රෝගී මව දරුවන්ට කන්න දෙන්න බැරිව ලතැවෙයි කුඩා දරු දෙදෙනෙකු සමග දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන මවක් ජීවිතය ඉල්ලා දරුවන්නට කන්න බොන්න දෙන්නට නොහැකිව හඬා වැටෙන ශෝකජනක පුවතක් ගලේවෙල බඹරගස් වැව ප්‍රදේශයෙන් වාර්තා වේ. 31 December 2017
පෝස්ටර් ඇලවමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට මැතිවර්ණ නීතිය උල්ලංඝණය කරමින් පුත්තලම නගරයේ පොස්ටර් අලවමින් සිටි තරුණයින් දෙදෙනකු අද අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 31 December 2017
කේරල ගංජා තොගයක් ගාල්ලෙන් සොයාගැනේ මෑත කාලයේ ගාල්ලෙන් අත්අඩංගුවට ගත් ලොකුම කේරල ගංජා තොගය වන කිලෝ පහමාරක තොගයක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය සමත්වී තිබේ. ගාල්ල බටදුව පුර්වාරාම පාරේ නිවසක පැකට් කරමින් සිටියදී මෙම කේරල ගංජා තොගය එම නිවස හිමි පුද්ගලයා සමග අත්අඩංගුවට ගෙන ඇත. 30 December 2017
මදුරන්කුලියේ දී ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට මදුරන්කුලිය එරක්කලමිපිඩ්ඩ් දුම්රිය ස්ථානය අසල දී මෝපේඩි යතුරු පැදියකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් පුද්ගලයෙක් (52) විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 29 December 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025