අමල් වික්‍රමරත්න
මෑත කාලයේ ගාල්ලෙන් අත්අඩංගුවට ගත් ලොකුම කේරල ගංජා තොගය වන කිලෝ පහමාරක තොගයක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය සමත්වී තිබේ. ගාල්ල බටදුව පුර්වාරාම පාරේ නිවසක පැකට් කරමින් සිටියදී මෙම කේරල ගංජා තොගය එම නිවස හිමි පුද්ගලයා සමග අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ රාත්‍රී 9.00 සිට අද උදෑසන 6.00 දක්වා කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම කේරල ගංජා කිලෝ පහමාරක ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇත.සාමාන්‍යයෙන් ග්රෑම් 25 ක පමණ කේරල ගංජා ප්‍රමාණයක් රුපියල් 500 ක මිලකට විකුණනු ලබන බව අත්අඩංගුවට පත් පුද්ගලයා පැවසු බව පොලිසිය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd