තරිඳු ජයවර්ධන
ඇඹිලිපිටිය පදලංගල තරුණයකු සීට් 54 ලේලන්ඩ් බස් රථයක අනුරුවක් නිර්මාණය කර ඇති අතර එය මේ දිනවල ෆේස්බුක්හි වැඩි කතාබහකට පත්වී තිබේ.
උස සහ දිග අතර අනුපාතය 27ට 110ක් වන පරිදි එම අනුරුව සැබෑ බස්රථයක බාහිර පෙනුමට සමාන වේ. බස් රථයේ එන්ජිම හැර විදුලි පද්ධතිය ඇතුළු සෙසු සියලු දේ ඒ ආකාරයටම සවි කර තිබීම එහි විශේෂත්වය වෙයි.
එම අනුරුව නිර්මාණය කළ රන්දික ලක්ෂාන් අබේදීර නම් 25 හැවිරිදි තරුණයා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයයේ ආදි ශිෂ්‍යෙයකි.
කුඩා කල සිටම බස් රථවලට කැමැත්තක් දැක්වූ බවත්, අට ශ්‍රේණියේදීද නව නිපැයුම් ප්‍රදර්ශනයකට බස් රථයක අනුරුවක් නිර්මාණය කළ බවත් රන්දික පැවසීය.
මෙවර බස් රථයේ අනුරුව නිර්මාණය කිරීම ඇලුමිනියම් යකඩ තහඩු, ෆ්ලයිවුඩ්, ලී පටි සහ සිලිකන් යොදා ගෙන ඇති බව ඔහු කීවේය.
‘මම පොඩි කාලේ ඉඳන් බස් වලට ආසයි. ඉස්කෝලේ අට ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ තමයි මුලින්ම බස් රථයක් අනුරුවක් හදන්න උත්සාහ කළේ. ඒ ප්‍රදර්ශනයකටයි. බස් රථ දෙකක් ඒ අවුරුද්දේ හැදුවත් ඒවට ලයිට් තිබුණේ නෑ. මෙච්චර දියුණු මට්ටමකට කර ගන්න බැරි වුණා. නමුත් මගේ වයසත් එක්ක ඒක මම හැදුවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කළෙත් නෑ. හැබැයි මගේ යාළුවො මං ගැන දන්නවා. මට යාළුවො කියන්නේ බස් රන්දික කියලා.
මට පොඩි කාලේ ඉඳන් මේවගේ හොඳ තත්ත්වයේ එක්ක හදන්න ඕනෑ කම තිබ්බත් ඉගෙනීම නිසා ඒකට අවස්ථාවක් තිබුණේ නෑ. උසස් පෙළ කරලා පොඩි රැකියාවක් කර අතරතුරයි මම මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය හොයා ගත්තේ. අමුද්‍රව්‍ය ගොඩක් මම පහසුවෙන් සොයා ගත්තා. සල්ලිවලට ගත්තා නම් රුපියල් 18,000ක් 20,000ක් විතර යනවා.
මට මේකට අපේ ගමේ දිනුක නිෂාන් කියන මල්ලි ඇතුළු බොහෝ අය උදව් කළා. ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.‘ යැයි රන්දික පැවසීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අපූරුයි. ලස්සනයි.
ඕකෙ ඇතුලෙ ලස්සනට static home එකක් හදන්න පුළුවන්!
සුපිරි නිර්මාණයක්. ලස්සනට හැකියාව පෙන්නලා තියෙනවා. සියුම්ව ඉතා ඉවසීමෙන් පට්ටෙට වැඩේ කරලා. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
මරු හොඳේ කියන්න වචන නැහැ .සුබ අනාගතයක් රන්දික
ගොඩක් හොඳ නිර්මාණයක්.. සුබ අනාගතයක්
ලංකාවේ තියන නටබුන් වලින් (වටදාගෙය , ලෝවාමහාපාය වගේ) අනුමාන කර , වැඩි දුරටත් විස්තර අධ්‍යයනය කර. එය පෙර පවතී තත්වය අනුරුවක් හැටියට නිර්මාණය කරන්න පුළුවන් නම් බොහොම වටිනවා , එවැනි කුඩා ප්‍රමාණයේ අනුරු සකස් කර විදේශිකයන්ට සහ ඉතිහාසය පිලිබඳ උනන්දුවක් ඇති දේශීය ගැනුම් කරුවන්ට අලවි කරන්නත් පුළුවන්. ටිකක් කැප කිරීමක් කල යුතු අමාරු වැඩක් .