(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ජනප‍්‍රිය වෙළඳ නාමයක් යටතේ දික්කුඹුරේ සහ ඉමදුවේ වෙළඳසල් 4 ක විකිණීමට තබා තිබූ කජු මිශ‍්‍රිත ආහාරයට නුසුදුසු චොක්ලට් තොගයක් අත් අඩංගුවට ගැනීමට ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පිරිසක් සමත්වූහ.
මෙම චොකලට් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් 8000ක් බවද වැටලීම සිදුකළ සෞඛ්‍ය පරික්ෂකවරු කියති. ආහාර පණත යටතේ මෙම චොකලට් තොගය විනාශ කර ඇති අතර ඒවා අලෙවිය සඳහා ප‍්‍රදර්ශනය කර තිබූ වෙළඳසල් හිමියනට දැඩි ලෙස අවවාද කර මුදා හැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩවතට විතරක් නෙවෙයි, ඔය ජරා චොක්ලට් හදන කොම්පැනි දෙකටත් නඩු දාන්න ඕන.