IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නලගම සාදයක ආරවුලකින් 15 ක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)

තංගල්ල මුස්ලිම් නලගම ප්‍රදේශයේදී  පැවති සාදයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පුද්ගලයින් පහලොස් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

තංගල්ල මුස්ලිම් නලගම ප්‍රදේශයේ නිවසක සාදයක් පැවති අතර එයට සහභාගී වීම සදහා වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයෙන්ද කණ්ඩායමක් පැමිණ තිබේ. මෙම දෙපිරිස අතර ආරවුලක් හටගෙන ඇති අතර මෙය  දුරදිග යාමෙන් දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක්ද හටගෙන තිබේ. 

එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත. ගැටුම සිදුවූ ස්ථානයේ තිබූ ත්‍රී රෝද රථයකටද පහරදීම නිසා ඉදිරිපස වීදුරුවට හානි සිදුවී තිබේ. 

යතුරුපැදි 4 ක් හා හානි සිදුවූ ත්‍රී රෝද රථය පොලිස්  බාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (4) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (0)

නලගම සාදයක ආරවුලකින් 15 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site