මැදිරිගිරියේ ගොවි පවුල් 4000කට විශේෂ දීමනාවක්
කවුඩුල්ල ජලාශය යටතේ මෙවර මාස් කන්නයේ වී වගා කිරීමට නොහැකි වූ මැදිරිගිරියේ ගොවි පවුල් 4000 කට පමණ මසකට රුපියල් 10,000 ක විශේෂ දීමනාවක් සහ රුපියල් 5000 ක ආහාර සලාකයක් ලබාදීමට රජය තීරණය කොට ඇතැයි පොළොන්නරුව දිස්ත්රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා පවසයි.