(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
තලවාකැලේ-ලිඳුල නගර සභාව ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පාර මාරුවෙමින් සිටි පාසල් සිසුයෙකු, නුවරඑළිය සිට තලවාකැලේ දක්වා ධානය කරමින් තිබූ යතුරු පැදියක අද (12) ගැටී තිබේ.
බරපතල තුවාල ලැබූ සිසුවා ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව තලවාකැලේ පොලීසිය පවසයි.
මෙසේ බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ, තලවාකැලේ දෙමළ මහා විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙණුම ලබමින් සිටි එකොළොස් හැවිරිදි පිරිමි ළමයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදිකරු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවරඒළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිදුවීමේ cctv දර්ශන මම දුටුවා. මෙම ළමයා කිසිම බැලිල්ලක් නොකර පාර හරහා දුවනවා. යතුරුපැදිකරුගේ කිසිම වරදක් නැ. යතුරුපැදිකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේ මොනවාටද?