(අනීෂා මානගේ)
පහ ශ්‍රේණියට ගුරුවරුන් ඉල්ලා අද(10) කටුවන සියාරපිටිය මහ විද්‍යාලයේ හා කටුවන රිටිගහයාය මහ විද්‍යාලයේ දෙමව්පියෝ හා පාසල් දරුදැරියෝ විරෝධතාවයක නිරත වූහ.
දෙමාපියන් අද(10) උදෑසන 5.30ට පමණ විද්‍යාල භූමියේ ඇති අඩි 50ක් පමණ උස ගසකට නැග උපවාසයක් ආරම්භ කළ අතර ඊට සහාය දක්වමින් එම පාසලේ පහ ශ්‍රේණියේ සිසුහු හා ඔවුන්ගේ දෙමාපියෝ කටුවන සියාරපිටිය හරහා මිද්දෙණිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයටද බාධා සිදු විය. විද්‍යාලයේ පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ගුරුවරයෙක් ඉල්ලා මෙලෙස ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd