ටෝනි කරුණානායක
තීරු බඳු නොගෙවා යුරෝපීය රටවල භාව්තා කරන මත් ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයාව ලබන 18 දක්වා රදවා තබාගෙන විමර්ශන සිදු කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට අද (12) අවසර ලබා දුන්නාය.
සැකකරුගේ රුපියල් ලක්ෂ 60ක් වටිනා මත් ද්‍රව්‍ය තොගය ගමන් බෑගයේ සුක්ෂමව රැගෙන විත් තිබේ .
මත් ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් බාර දෙන පුද්ගලයා හෝ කණ්ඩායම සම්බන්ධයෙන් ද සැකකරුට එම මත් ද්‍රව්‍ය බාර දුන් අයවලුන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කිරීමටද ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අවසර ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගෙවලා මත් ද්‍රව්‍ය ගේන්න පුලුවන්ද ?
මත් ද්‍රව්‍ය වල වටිනාකම ගණන් හදලා තියෙන්නේ තීරු බදු සහිතවද ?රහිතවද?