(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම් මඩු රක්ෂිතයෙන් කපා ගන්නා දැව කැලේ තුළම කපා කුට්ටු කොට යතුරුපැදි මාර්ගයෙන් දැව ප්‍රවාහනය කරන මහපරිමාණ ජාවාරමක් අද (11) අළුයම වැටලීමට මඩු වනසංරක්ෂණ නිලධාරීන්ට හැකිවිය.
මඩුපාර රක්ෂිතයේ රහසිගතව බුරුත ගස් කපා කැලේ තුළම කුඩා කට්ටුවලට ඉරන ජාවාරම්කරුවන් දැව ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන්නේ යතුරුපැදි මාර්ගයෙනි. යතුරුපැදි මගින් දැව ප්‍රවාහනය කිරීමට පෙර ප්‍රවාහනය කරන ලද මාර්ග වලට හා කැලේට ඔත්තුකරුවන් යොදා දැව යතුරුපැදි වලින් රැගෙන ගොස් පෞද්ගලික ඉඩම්වල සඟවා පසුව වාහන මගින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලබයි.
මේ පිළිබඳව මඩු වන නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මඩු වන නිලධාරීන් පිරිසක් විසින් සෝදිසි වැටලීමක් සිදු කොට දැව යතුරුපැදි දෙකකින් ප්‍රවාහනය කරමින් සිටින අතරතුර සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd