ජුඩ් සමන්ත
කුරුණෑගල,හලාවත,පුත්තලම ඇතුළු ප්‍රධාන නගර වලට සුඛෝපභෝගී මෝටර් රථයකින් ඇපල් රසැති ඩැමඩෝල් පෙති බෙදා හැරීම සිදුකළ බව කියන සැකකරුවෙකුව ඩැමඩෝල් පෙති තොගයක් සමඟ හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අද (05) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව රුපියල් 1,23,000 ක් වටිනා ඇපල් රසැති ටැමඩෝල් පෙති 4100 ක් අඩංගු පෙට්ටි 41 ක් තිබී ඇත.සැකකරු එක ටැමඩෝල් පෙත්තක් රුපියල් 300 ක මුදලකට අලවි කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.
සැකකරු සතුව තිබී මුදල් රුපියල් 70,970 ක්ද,ටැමඩෝල් පෙති බෙදා හැරීම සදහා යොදා ගත් සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd