(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි පොලිස් වසමේ කල්වියන්කාඩු ප්‍රදේශයේ හෝටලයකට බීමතින් පැමිණි තරුණ පිරිසක් හෝටලයට දැඩි ලෙස හානි කොට පළා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පවසයි.
කල්වියන්කාඩු ප්‍රදේශයේ පිහිටි අම්මාන් නමැති හෝටලයට බීමතින් තරුණයින් සිව් දෙනෙකු පැමිණ ඇති අතර එහිදී එක් තරුණයෙකු විසින් පළමුව හෝටලයේ වීදුරුවක් කඩා ඇති අතර පසුව හෝටලයේ හිමිකරු ඒ පිළිබඳව ආවේගශීලීව කරුණු විමසීමේදී බීමත් තරුණයින් සිව් දෙනා හෝටලයේ සියලු බඩු බාහිරාදිය පොළවේ ගසමින් පුටු මේස කඩා හානි කොට පළා ගොස් ඇති බවට කෝපායි පොලීසියට තොරතුරු ලැබී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd