(බුද්ධික කුමාරසිරි)
හෝමාගම ගොඩගම නගරයේ ඉන්ධන පිරවුම්හලකට අද(16) කඩුවක් අතැතිව යතුරු පැදියකින් පැමිණි සම්පූර්ණ මුහුණ ආවරණය කරන ලද ආරක්ෂිත හිස් ආවරණ පැළදි පුද්ගලයින් දෙදෙනකු එහි සිටි සේවකයින් බිය ගන්වා මුදල් ලාච්වුවද රැගෙන පලා ගොස් ඇතැයි මීපේ පොලිසිය පවසයි.
දවසේ පැය 24 පුරාම විවෘතව පවතින මෙම ඉන්ධන පිරවුම්හලෙහි එදින උදෑසන සේවය කර ඇත්තේ සේවකයින් දෙදෙනකු පමණක් බවත් මුදල් කොල්ල කෑ පිරිස ගොඩගම දෙසට පලා ගොස් ඇති බවත් කොල්ලකරුවන් රැගෙන ගිය මුදල් ලාච්වුවේ රුපියල් 22000කට ආසන්න මුදලක් තිබී ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අදාල ඉන්ධන පිරවුම්හලෙහි සහ අවට මාර්ගවල සවිකර තිබෙන ආරක්ෂිත කැමරා සහ විද්‍යාත්මක කරුණු ඔස්සේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද මීපේ පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගොඩගම ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි