(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් තරුණයෙකු අද(16) අලුයම පාලමකින් ඇදවැටී මිය ගොස් ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වට්ටකච්චි ගම්මානයේ පදිංචි 22හැවිරිදි රාසේන්ද්‍රන් සර්වානන්දන් නමැත්තෙකි. මිතුරකුගේ නිවසකට යාම සඳහා යතුරුපැදියේ නැගී අද පෙරවරුවේ ඔහු නිවසින් නික්ම ගිය බව පවුලේ ඥාතීහු කියති.
කිලිනොච්චිය පොලීසිය පවසුවේ යතුරු පැදියෙන් අධික වේගයෙන් ගමන් කර ඇති මෙම තරුණයා යතුරු පැදිය පාලනය කරගැනීමට නොහැකිව පාලමේ ගැට්ටේ වැදී පාලමෙන් පහළ ඇළට වැටී ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd