(බී.ජී චතුරංග)
මිහින්තලය නගරයේ අද(15) අලුයම සිදු වූ රිය අනතුරකින් නගර මධ්‍යයේ ඉදකර තිබූ පැරණි සිංහ කුලුන සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව මිහින්තලය පොලීසිය පවසයි.
කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉන්ධන රැගෙන ඒම සඳහා ගමන් කරමින් තිබූ බවුසරයක් අද අලුයම සිංහ කුලුනේ ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් කුලුන බිමට ඇද වැටී එහි තැන්පත් කර තිබු සිංහ රූප බිමට වැටී කෑලි වලට කැඩී ගොස් විනාශයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
කුලුනෙහි ගැටුණු බවුසර් රථයේ පිටුපස රෝද 4 ගැලවී ගොස් බවුසර් රථය මාර්ගය හරහා නතර වී තිබූ බවත් පොලිසිය පවසයි.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකරන බවද වැඩිදුර පරීක්ෂණ සිදු කරන පොලීසිය පවසයි.
1979 වර්ෂයේ ජුනි මස 24 වන දින එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙම කුලුන විවෘත කර තිබේ.




2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිහින්තලේ රිය අනතුරකින් සිංහ කුලුණ කුඩු
sarath perth Monday, 15 January 2018 10:05 AM
සිංහයා ලක්බිමෙන් ඉවත්කිරීමේ කටයුතු දේසපාලුවන් විසින් ආරම්භකර ඇත.