(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පිහිටි පාළු ළිඳක දමා තිබියදී අරලගංවිල පොලිසියට හමුවූ අලුත උපන් බිළිඳකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉදිරියේ ගොඩගනු ලැබුවා ය.
එම මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළාය.
ළිඳෙන් ගොඩට ගන්නා විට එම මළ සිරුර බෙහෙවින් නරක් වී තිබූ බවත් ඒ අනුව එය සතියකට පමණ පෙර ළිඳ තුළට දමන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
අරලගංවිල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd