(අනීෂා මානගේ)
තංගල්ල පොලිස් කොට්ඨාසය තුළ ඇති සියළුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 178 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී විවෘත වරෙන්තුකරුවන් අට දෙනෙක්, දින වරෙන්තුකරුවන් හතලිස් පහක්, නීති විරෝධී මත්පැන් හා ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 19 ක්, බීමත් රියදුරන් 60 දෙදෙනෙක් හා අනන්‍යතාවය ඔප්පු කළ නොහැකි වූ පුද්ගලයින් 44 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
තවද මෙම මෙහෙයුමේදී අධික වේගයෙන් රිය පැදවූ පුද්ගලයින් 16ක්, ආදායම් බලපත්‍ර නොමැතිව යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 30 දෙනෙක් සඳහා නඩුපවරා ඇත. ඊයේ(16) රාත්‍රී 10.00 සිට අද(17) අළුයම 2.00 අතර කාලයේදී මෙම මෙහෙයුම සිදුකර තිබේ.
පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි හම්බන්තොට හා මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහත්වරුන්ගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd