(ජුඩ් සමන්ත)
තම බිරිය ඇතුළු සිව්දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය කියයි.
14 වැනිදා රාත්‍රීයේ පල්ලම පොලිස් වසමේ විල්පත ප්‍රදේශයේදී මෙම පිහි ඇනුම සිදුවී ඇත.
රාත්‍රී කාලයේ තම බිරිඳ හමුවීම පැමිණි හමුදා සෙබළකුගේ යතුරුපැදිය ගිනි තබා පසුව නිවසේ සිටි හමුදා සෙබළා, තම බිරිඳ, බිරියගේ මව සහ සහෝදරියට එසේ පිහියෙන් ඇන ඇති සැකකරු සිය බිරියගේ අනියම් ඇසුරක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මෙය සිදුකර ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ සිව් දෙනාම ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පෙදරේරුවෙකු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd