සනත් ගමගේ
හුංගම බටඅත කර්මාන්ත පුරයේ කැළෑ බද ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙරට සාදන ලද ගිණි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු (23) අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය කියයි.
වෙඩි බෙහෙත් කොටන ලද මෙම ගිණි අවි දෙක සමඟ එයට යොදන වෙඩි බෙහෙත් සහ ඊයම් බෝල ද නිවසේ තිබී සොයාගෙන ඇත. එක් ගිණි අවියක් වෙඩි තැබිම සඳහා බෙහෙත් කොටා සකස් කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.
මෙය සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නට අති බවත් මෙම ගිණිඅවි නිෂ්පාදනය කළ කම්හල සම්බන්ධවද සැකකරුගෙන් ලද ප්‍රකාශ මත පරීක්ෂණ සිදු කරන බවත් හුංගම පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd