(ජුඩ් සමන්ත)
මාරවිල - තල්විල, අගාර පාරේ නිවසක් පිටුපස පවත්වා ගෙන ගිය සූදු පිටියක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකුව අත්අඩංගුවට ගත් බව මාරවිල පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 45 සහ 42 වියේ පසුවෙති.
එක් කාන්තාවක් මීට පෙර අවස්ථාවකදී ද මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තියකි. ඇය විදෙස් රටක සේවය කර මෙරටට පැමිණ සිටින කාන්තාවක් බවත් පොලීසිය කියයි.
සැකකරුවන් සහ සැකකාරියන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd