ඩබ්ලිව්.ඒ. අසේල
තම දරුවන්ට ඉගෙනීමට ගොඩනැගිලි පහසුකම් නැති බව කියමින් ගලහ ෂන්මුගා දෙමළ විද්‍යාලයේ සිසුන් පාසල් නොයැවූ දෙමාපියෝ අද දෙවැනි දිනටත් විරෝධය පළ කළහ.
ගොඩනැගිලි ප්‍රශ්නයට විසදුමක් නොලැබුණහොත් හෙට පාසල ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන බව ද දෙමාපියෝ කියති.
පාසල් දහසක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ගලහ ශ්‍රී රාමක්‍රිෂ්නා මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ඉවත් කොර ෂන්මුගා දෙමළ විද්‍යාලය නමින් වෙනම ප්‍රාථමික විද්‍යාලයක් පසුගිය ආරම්භ කළේය. ඒ අනුව පසුගිය වසරේ එක ශ්‍රේණියේ ඉගෙනගත් ළමුන් හැත්තෑ හත් දෙදෙනෙකුට (77) දෙක වසරේ ඉගෙනීමට ගොඩනැගිල්ලක් නොමැති නිසා රාමක්‍රිෂ්නා මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට යායතු වේ.
එම දරුවන්ට ඉගැන්වීමට ෂන්මුගා විද්‍යාලයේ ගුරුවරුන් පැමිණීම පිළිබද රාමක්‍රිෂ්ණා විද්‍යාලයේ විදුහල්පති විරුද්ධ වී ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම විද්‍යාලයේ ගොඩනැගිලි තුල වෙනත් පාසලක ගුරුවරුන්ට ඉගැන්වීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd