රංජිත් රාජපක්‍ෂ
හැටන් කොළඹ පැරණී මාර්ගයේ රක්‍ෂිතයක අද (25) හටගත් ගින්නකින් එම රක්‍ෂිතයේ අක්කර පහළොවක පමණ කොටසක් ගිණී ගෙන විනාශවී තිබේ.
මහවැලි ගඟේ ප‍්‍රධාන අතුශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් පිහිටි මෙම රක්‍ෂිතයට කිසියම් පිරිසක් ගිණි තබන්නට ඇති බව ප‍්‍රදේශවාසින් පවසයි.
එම රක්‍ෂීතවලට ගිණිතැබීමෙන් රක්‍ෂීතවල විසූ දිවියන්, වල්ඌරන් , මුවන්, ඉත්තෑවන් හාවන් සහ විෂකුර සර්පයින් තේ වතු වලට පිවිස ඇති බව වතුකම්කරුවන් පවසයි.
මෙලෙස රක්‍ෂිත වලට ගිණී තබන අය වෙතොත් ඔවූන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස හැටන් පොලිසිය ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd