එච්. චන්දන
පුත්තලම අධිකරණ ඇතුළත ගංජා විකිණීමට පැමිණි අක්කා ,මල්ලී දෙදෙනකු ගංජා පැකට් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
කල්පිටිය - පල්ලියවාස්තුරේ පදිංචි මේ දෙදෙනා නඩු විභාගයක් සදහා මුදල් බැඳීමට යැයි පවසා කුඩා දරුවකුද අතැතිව පුත්තලම අධිකරණයට පැමිණ ඇත.
අධිකරණ භූමියේ පොලිස් මුර පොළේ රාජකාරි කරමින් සිටි කාන්තා පොලිස් නිළධාරිනියක මෙම කාන්තාව පරීක්ෂා කළ අවස්ථවේ ඇගේ තිසර පටය අතුළත සඟවා තිබූ ගංජා පැකට් 07 සොයාගෙන ඇතැයි පොලිසිය කියයි. ඇගේ මල්ලිගේ මුදල් පසුම්බිය පරීක්ෂා කරන විට එහි තිබී එක් ගංජා පැකට්ටුවක් සොයා ගෙන තිබේ.
අධිකරණ ඇතුලත බන්ධනාගාර ගතකර ගෙන එනු ලබන විවිධ වැරදිවලට සිරදඩුවම් විදින උදවියට ඉතා සූක්ෂම අයුරින් මෙම පැකට් වැඩි මුදලට අලෙවි කරන්නේදැයි සොයා බලන බව පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගංජා විකුණන්න උසාවි ආ අක්කා මලෝ අත්අඩංගුවට