(ජයන්ත වාසුලසේන)
මොරගොඩ පොලිස් වසමට අයත් පැතිස්රබා වැව ගම්මානයේ හේනක පැලක් අසල මියගොස් සිටිය පුද්ගලයෙකුගේ මලසිරුරක් අද (11) සොයාගැනිමට හැකිවුබව මොරගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පැතිස්රබාවැව ගම්මානයේ පදිංචි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ සිරුරේ පිටුපස අගල් හතරක පමන දිගට කැපුම් තුවාලයක් දකින්නට ලැබුණ අතර නහයෙන් ලේ වහනයවි තිබුණ අයුරුද දකින්නට ලැබුණි.
මියගිය පුද්ගලයාගේ හේනට යාබදව පිහිටි හේනක පැලක් අසල තිබියදි මෙම මලසිරුර සොයාගැනිමට හැකිවි ඇත. මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ පැලෙන් වැටීම නිසාද නැතහොත් පහරදිමකින්ද යන්න පිලිබඳව පරික්ෂන පවත්වමින් සිටිනබව මොරගොඩ පොලිසිය පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd