ඩබ්ලිව්.එ. අසේල
තලාතුඔය ලංකා බැංකුවේ ඒටීඑම් යන්ත්‍රය කැඩූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.
සැකකරු බැංකුවේ ඒටීඑම් යන්ත්‍රය ඇති කොටසට ඇතුල්වී කාඩ්පතක් ඇතුල් කර මුදල් ගැනීමට උත්සාහ දරා ඇති අතර පසුව ඉදිරිපස පරිගණක තිරයට පහර එල්ල කර ඇත.
එම යන්ත්‍රයේ තිරය විනාශ වි ඇති අතර යන්ත්‍රයටද අලාභ හානි සිදුවී ඇත. අදාල සියල්ල සිසිටිවි යන්ත්‍ර යේ සටහන් වි ඇත.
මොහු මුදල් සොරකමට යන්ත්‍රය කැඩීමට උත්සාහා දැරුවාද යන්න පිළිබඳව මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මෙම සැකකරු එම බැංකුව පිහිටි ගොඩනැගිල්ලේම ජංගම දුරකතන අලුත්වැඩියා කිරීමේ වෙළද සැලක දුරකතන අලුත්වැඩියා කිරීමේ රැකියාවක නිරත එක් දරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd