දරුණු අපරාධකරුවන් දුරකතන සබඳතා අවහිර කළ බන්ධනාගාරවල රැඳවීමට පියවර මරණීය දණ්ඩනය හා වෙනත් දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින දරුණු අපරාධකරුවන් විසින් දුරකතන ඔස්සේ සිදුකරන ජාවාරම් නැවැත්වීමේ පියවරක් ලෙස එම අපරාධකරුවන් දුරකතන සබඳතා අවහිර කළ බන්ධනාගාරවල රැඳවීමට පියවර ගෙන ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 10 June 2020
පෙරටුගාමීන්ගේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය හදිසියේ ගිනි ගනී හදිසියේ ඇති වු ගින්නකින් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ කොටසක් විනාශ වි ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. 10 June 2020
ජුනි 12 වැනිදා සිට ආගමික කටයුතුවලට අවසර එළැඹෙන ජුනි 12 වැනිදා සිට ආගමික කටයුතුවල නිරතවීම සඳහා උපරිම පුද්ගලයින් 50 දෙනෙකුට අවසර ලබා දිමට රජය තිරණය කර ඇත. 10 June 2020
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයට සීල් තියයි නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩිවීමත් සමඟ රාජස්ථාන් ප්‍රාන්තයට සීල් තැබීමට ප්‍රාන්ත බලධාරීහු අද (10) පියවර ගත්හ. 10 June 2020
කංජිපානි සිරකුටියට දුරකතන අහසින් පාත්වූවාද? මොහොමඩ් මජීඩ් මොහොමඩ් හෙවත් කුප්‍රකට කංජිපානි ඉම්රාන් ඩුබායි හි පැවැති මාකඳුරේ මධුෂ්ගේ පුතුගේ උපන් දින සාදයකදී අත්අඩංගුවට ගැනුණ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. කංජිපානි ඉම්රාන් ඩුබායි හි සිට මෙරටට රැගෙන ඒමෙන් පසුව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර, මේ වනවිට අධිකරණ නියෝගය මත බූස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටී. 10 June 2020
සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන්ගේ යතුරුපැදි දෙකක් පොලිස් බාරයට රත්මලාන සොයිසා පුර අවන්හලට වෙඩි තැබීමේ සිද්ධියේ සැක කරුවන් පරිහරණය කළ යතුරු පැදි දෙකක් පොලිස් භාරයට ගත් බව බස්නාහිර දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි . 10 June 2020
'පක්ෂයෙන් ගිය අයට ආපසු එන්න දොර ඇරලා තියෙනවා' එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය පිරිස හදපු බලවේගයේ විපත්මඟ මේවනවිට ආරම්භ වී ඇති බැවින් පක්ෂයෙන් ගිය අයට නැවත පක්ෂයට එකතු වීමට අවස්ථාවක් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10) පොල්ගහවෙලදී පැවැති රැස්වීමකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය . 10 June 2020
සාමකාමී උද්ඝෝණයට පහර දීම රජය කළ අනතුරු ඇඟවීමක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාකරුවන්ට පොලිසිය කළ පහර දීම හෙළා දකිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් හි වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන 25 ක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත . 10 June 2020
මහ මැතිවරණය අගෝස්තු 5 මහ මැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද (10 වැනිදා) තීරණය කළේය. 10 June 2020
තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරැඹිමට යාම ගැන විරෝධතාවක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සමානව ආසිරි රෝහල් ජාලය සහ එංගලන්තයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙරට තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට යාම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ගම්පහ රෝහල ඉදිරිපිට අද (10) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. 10 June 2020
විදෙස් රටවල සිටින තවත් ලාංකිකයන් 825ක් ගෙන්වන්න සැරසෙයි විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවල සිට යළි ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ, ඉදිරි දිනවලදී තවත් ශ්‍රී ලාංකිකයන් 825 ක පමණ ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය , අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය. 10 June 2020
හූල්ට විරෝධය පළ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 14 කින් සම්මත වෙයි මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට විරෝධය පළ කිරීමේ යෝජනාවක් කරන්දෙණිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී වැඩි ඡන්ද 14 කින් සභා සම්මත විය . 10 June 2020
පාසල් විවෘත කළත් ආපනශාලා විවෘත කරන්න අවසර නැහැ පාසල් විවෘත කිරීමට අවසර ලැබුණත් කිසිදු පාසලක ආපනශාලා දැන්ම විවෘත කිරීමට අවසර ලබා නොදෙන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සූදානම් කිරීම සඳහා වූ චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහයේ සඳහන් වේ. 10 June 2020
සිංහරාජ වනයට පිවිසෙන්න නව මාර්ගයක් ඉදිකෙරේ ලෝක උරුම සිංහරාජ වනාන්තරය නැරඹීමට මතුගම මාර්ගය හරහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව උදෙසා නව මාර්ගයක් ඉදිකර තිබේ. 10 June 2020
සහරාන්ගේ ගම්මිරිස් ඉඩම ග්රාමනිලධාරිනියගේ භාරයට පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මියගිය සහරාන් හසීම්ට අයත් මාතලේ හතමුණ ගාල ප්‍රදේශයේ අක්කර 25ක ගම්මිරිස් ඉඩමේ අස්වැන්න නෙළීම තාවකාලිකව නවතා එහි ඉඩම අදාල ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරිය භාරයට පැවරූ බව මාතලේ ප්‍රාදේශීය ලේකම් ඒ. සි. එල්. මධුවන්ති මහත්මිය අද(10) පැවසුවාය. 10 June 2020
පෞද්ගලික පාසල් ගුරුවරුන් විභාග පරීක්ෂණ කටයුතුවලට අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පරීක්ෂකවරුන් ලෙස කටයුතු කිරීමට පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල සුදුසුකම් ලත් ගුරුවරුන් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවැසීය. 10 June 2020
මාලදිවයනේ සිටින ලාංකිකයින් 2000 කට වියළි ආහාර විදේශ අමාත්‍යාංශයෙන් මාලදිවයිනේ මාලේ අගනුවර සීමාව තුළ හා ඉන් පිටත සිටින සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට බෙදාහැරීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිලෝග්‍රෑම් 10,000 ක් යුතු ඇසුරුම් 2000 ක් එරටට යැවූ බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි. 10 June 2020
සොයිසාපුර වෙඩි තැබීමට සැකකරු පැමිණි මෝටර් රථය පිළියන්දලින් හමුවේ රත්මලාන සොයිසා පුර ආපනශාලාවට වෙඩි තැබීමට සැකකරු පැමිණි මෝටර් රථය පිළියන්දල සුවාරපොළ කොස්පැලැන්වත්ත පාර ප්‍රදේශයේ නිවසක් අසල නතර කර තිබිය දී අද අලුයම සොයා ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 10 June 2020
අපේක්ෂා රෝහලට පැමිණෙන්නන්ට ලංගම බස් රථ සේවාවක් මහරගම, අපේක්ෂා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් වෙනුවෙන් ලංකා ගමනා මණ්ඩලයෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබේ. 10 June 2020
රාජිත සේනාරත්නට ඇප සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 10 June 2020
පෙළපාලිය අවහිර කරන්නැයි ඉල්ලීමක් කළේ නැතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය කියයි සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 June 2020
ජාතික කොවිඩ් 19 අරමුදලට ඌවේ අධ්‍යාපනයෙන් ලක්ෂ 94 ක් ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් පවත්වාගෙන යනු ලබන ජාතික කොවිඩ් 19 අරමුදල සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 94 ක මුදලක් පරිත්‍යාග කර තිබේ. 09 June 2020
ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ පුද්ගලයා පුහුණුවට ආ විශේෂඥ වෛද්‍යවරයෙක් සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් කොල්ල කෑ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් පුහුණුව ලබන වෛද්‍යවරයකු බව පොලිසිය කියයි. 09 June 2020
පෙරටුගාමී පක්ෂයේ 42ක් අත්අඩංගුවට කොල්ලූපිටියේ දී හා පුරහල දී විරෝධතාවේ නිරත වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 42 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 09 June 2020
පාසල් අරින්නේ උපරිම ආරක්ෂාව යටතෙයි-ඇමැති කියයි පාසල් විවෘත කිරීමේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ හා කාර්යසාධක බලකායේ නිර්දේශ අනුව ක්‍රියා කිරීම ප්‍රමාණවත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය. 09 June 2020
එජාපය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කරගනී අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් නව පාර්ලිමේන්තුවක් නොකැදවීමෙන් තමන්ගේත් , රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එම පක්ෂය විසින්ම අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 09 June 2020
ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ගොනුකළ අභියාචන විභාගය කල් යයි කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඩුවම් නියමව දැනට ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් තමන් නිදොස් කොට නිදහස් කරනැනැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ලබන ජූලි 23 වැනිදාට කල් තැබීමට අභියාචනාධිකරණය අද (09) තීන්දු කළේය. 09 June 2020
රජයේ-පෞද්ගලික ආයතන අරඹන වෙලාව සංශෝධනය කරන්න යයි කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශයන්හි පවතින අධික වාහන තදබදය අවම කරලීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ ආයතන ආරම්භ කරන වේලාවන් සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. 09 June 2020
විදෙස් සංචාරකයින්ට අගෝස්තු 1 වැනිදා සිට ශ්‍රී ලංකාව විවෘතයි කොරෝනා වසංගත ව්‍යාප්තිය මේවන විට සාර්ථකව පාලනය කර ඇති හෙයින් ලබන අගෝස්තු 1 වැනිදා සිට ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයින් සදහා විවෘත වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය අද (09) පැවසුවාය. 09 June 2020
'මන්ත්‍රී මූණෙන් මම සමුගන්නවා' සිය මන්ත්‍රී දේශපාලන ජීවිතයට සමුදීමට තමා තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. 09 June 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026