ත්‍රිරෝද සංගම් සභාපති ඝාතනයේ සැකකරුවන් 8ම රිමාන්ඩ් ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 8 දෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 25 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා නියෝග කලේය . 11 June 2020
පාසල් ආරම්භ කිරීමේ ක්‍රමය ගැන ගුරු සේවා සංගමයෙන් විවේචන නැවත පාසල් ආරම්භ කිරීම අදියර කිහිපයකින් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති පියවර නිසා මව්පියන් හා ගුරුවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය. 11 June 2020
‘ත්‍රි රෝද රථ සංගමය සභාපතිගේ ඝාතනයෙන් රටේ ජාතික ආරක්ෂාවේ තත්ත්වය පැහැදිලියි’ ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රි රෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමෙන්ම රටේ ජාතික ආරක්ෂාව පත්ව ඇති තත්ත්වය පැහැදිලි වන බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 11 June 2020
රාජිතගේ ප්රතිශෝධන පෙත්සම ගැන උපදෙස් ගන්න කල් දෙයි ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේසත්රාත්වරිය දුන් නියෝගය අවලංගු කර , තමන් යළි රිමාන්ඞ් බාරයට පත් කරමින් ඉකුත් මැයි 13 වැනිදා කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර කර ගන්වාද නැද්ද සම්බන්ධයෙන් 11 June 2020
රුහුණු සරසවියේ 30 දෙනකුට මූල්‍යම ශිෂ්‍යත්ව පිරිනමයි මෙරට අධ්‍යාපනයේ අභිවෘද්ධිය හා සුබසාධනය අරමුණ කොට ගෙන පිහිටුවන ලද ‘මුඩ්ලියර් දොන් කරෝලිස් හේවාවිතාරණ ඉන්ඩස්ට්‍රියල් ශිෂ්‍යත්ව භාරය’ මගින් රුහුණු විශ්වවිද්‍යාලයේ තෝරා ගත් සිසු සිසුවියන් 30 දෙනෙකු සඳහා මුල්‍යමය ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවක් කොළඹ 02, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (11) පැවැත්විණ. 11 June 2020
ලැක්ටෝවත්තේ පුහුණු කඳවුරෙන්ම පාස්කු ප්‍රහාරය නවත්වන්න තිබුණා පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයෙන් සොයාගත් සහ්රාන් හෂීම්ගේ පුහුණු කඳවුර පිළිබඳව වැඩි අවධානයක් යොමු කර විමර්ශන වැඩි කළා නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගත යුතුව තිබුණා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (10 වැනිදා) පැවසීය. 11 June 2020
’ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අලියා සුදානම්’ ඉදිරි මහ මැතිවරණයට සහ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අලියා සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කොළඹ දී අද (11) පැවසීය. 11 June 2020
හැම පාසලකටම ගිලන් කාමරයක් සෑම පාසලකම සිසුන්ගේ පැමිණීම ආරම්භ වීමට පෙර ගිලන් කාමරයක් සකස් කර තිබිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දන්වා ඇත. 11 June 2020
අනුන්ගේ සරුංගලයක් ඇහිලූ පියාටත් - පුතාටත් කඩුපහර අහුලාගෙන පැමිණි සරුංගලයක් නිසා ඇතිවූ ආරවුලකින් අකුරැස්ස දීගල ධීවර ගම්මානයේ එකම පවුලේ තිදෙනෙකු කඩුවලින් කපා කොටා තුවාල කර ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි. තුවාලකරුවෝ දෙදෙනෙක් අකුරැස්ස රෝහලට ඇතුළත් කරනු ලැබූහ. තුවාලකරුවන් අතර පියකු ඇතුළු පුත්තු දෙදෙනෙක් සිටිති. පියාගේ තත්ත්වය බරපතළ බව පොලිසිය කියයි. 11 June 2020
ගවයා සපා කෑවයි සුනඛයන් 15 ක් වසදී මරා දැමු හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගවයකු සපා කෑවයි උරණවී වවුනියාව, මාමඩුව ගම්මානයේ නිවාසවල සිටි සුනඛයින් 15 දෙනකු වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කළ හිටපු හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව මාමඩුව පොලිසිය කියයි. 11 June 2020
පාතාලයේ සෙල්ලම් මාලිගාවත්ත “ලක්සෙත” මහල් නිවාස සංකීර්ණයේ දස වැනි මහලේ දස වැනි නිවෙසේ පැවැති මත්පැන් සාදයකි. මත්පැන් මත්ද්‍රව්‍ය මෙන්ම කායික සැප සම්පත්වලින් ස්වයං පෝෂිතව තිබූ මෙම සාදය සංවිධානය කර තිබුණේ “පවුමි” ය. එම නිවසේ හිමිකරු වූයේ “කුම්බාන්” ය. සාදයේ අරමුණ විරසකව සිටි “රවුෆ්” සහ “කංජිපානි ඉබ්රාහිම්” මිතුරු කරවීමය. 11 June 2020
කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයෙන් මිලියනයක් ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මගින් කොරෝනා අරමුදල සදහා රුපියල් දස ලක්ෂයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීම ජනපති මැදුරේදී සිදු කෙරිණ. 11 June 2020
පාතාලය සුද්ද කිරීම ජාතික ආරක්ෂාවේ පියවරක් ගොනා කෝවිලේ රාජා වශයෙන් හඳුන්වනු ලැබූ, සංවිධානාත්මක අපරාධකරුවකු බවට පොලීසිය සඳහන් කරන රාජා විමලධර්ම නම් පුද්ගලයා පසුගිය දිනක පොලීසිය මගින් තබන ලද වෙඩි පහරකින් මරුමුවට පත්විය. ඔහු දැනට සති දෙකකට පමණ ඉහතදී රත්මලානේ සොයිසාපුර හෝටලයකට පහරදී වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් නම සඳහන් වී සිටි තැනැත්තාය. 11 June 2020
පෙරහුරු ඡන්ද තව 16 ක් රටපුරා පෙරහුරු ඡන්ද විමසීම් තවත් 16ක් ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. 11 June 2020
2020 දී රට ලේ විලක් කරන්න සහරාන්ලා පාරම්බාලා ‘‘2020 ශ්‍රී ලංකාව ලේ විලක් කරනවා’’ යැයි අන්තවාදී පිරිස් සඳහන් කර ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (10) පැවසීය. පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන්ද රහස්‍ය 11 June 2020
කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු 30 ක් නිරෝධායනයට කොල්ලුපිටිය පොලිස් වසමට අයත් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනලද උද්ඝෝෂණය මැඩපැවැත්වීමේ රාජකාරියේ නිරතවූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 11 June 2020
ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිට පහර දී ඝාතනය කරයි ත්‍රිරෝද රියක් බලෙන් ආපසු ලබා ගැනීමක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුරදිග ගොස් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින්ගේ පහර දීමකට ලක්වූ කැස්බෑවේ පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 11 June 2020
ප්‍රංශයේ සෞඛ්‍යමය හදිසි අවස්ථාව ඉවත් කරන්නේ ජූලි 10 දා කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා ප්‍රංශයේ පනවන ලද සෞඛ්‍යමය හදිසි අවස්ථාව ජූලි 10 වනදා ඉවත් කරන බව ඒරට රජය පවසයි. 10 June 2020
කොරෝනා කාලේ රජය දුන් සහන බැංකු ක්‍රියාත්මක කර නැතැයි චෝදනාවක් කොරෝනා වසංගත තත්ත්වය බලපෑ කාලසීමාවේදී සහන සලසන ලෙස දුන් නියෝග ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකුවලින් ක්‍රියාත්මක කර නොමැති බවට අද (10) කැබිනට් රැස්වීමේදී විවේචන එල්ල වී ඇත. 10 June 2020
මංගල සමගි ජනබලවේගයෙන් ඉවත්ව නොමැති බව පක්ෂ මහලේකම් කියයි මහ මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත්වීමට මාතර දිස්ත්‍රික් අපේක්ෂක මංගල සමරවීර මහතා ගත් තීරණය ඒ මහතාගේ පෞද්ගලික තීරණයක් බවත් ඒ මහතා කිසි විටෙකත් සමගි ජන බලවේගයෙන් ඉවත්ව නොමැති බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (10) පැවසීය. 10 June 2020
ඇඳුම් වවුචරය නැතිවී සිසුන්ට යළිත් නිල ඇඳුම් එයි පාසල් සිසුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට රජය තීරණය කර ඇත. 10 June 2020
තවත් වකුගඩු රෝගීන් 13,849 දෙනකුට 5000 බැගින් වකුගඩු රෝගයට ලක්ව මහජන ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින තවත් රෝගීන් 13,849දෙනකුට රුපියල් 5,000 ක මාසික ජීවනාධාර දීමනාව ගෙවීමට සෞඛ්‍ය, කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශට තීරණය කර ඇත. 10 June 2020
‘ගාන්ධි’ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් බව ට්‍රම්ප් කියයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටි ‘මහත්මා ගාන්ධි’ගේ පිළිරුව විකෘති කිරීම මහ නින්දාවක් යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 10 June 2020
ආයුධ සොයද්දී ලක්ෂ 50 ක හෙරොයින් හමුවෙයි ගම්පහ පොලිස් බල ප්‍ර දේශයට අයත් පත්දඩුවන ප්‍රදේශයේදී ටී-56 ගිනි අවියක් සහ හිස් පතොරොම් ගැබ් 4ක් මහමග දමා පලායාමේ සිද්ධියට අදාළ සැකකරු අත් අඩංගුවට පත්වීමෙන් පසුව විමර්ශනය කරමින් සිටියදී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 500ක් සොයා ගත් බව ගම්පහ පොලිසිය පවසයි. 10 June 2020
ඇමෙරිකාවේ විරෝධතා ශබ්දකෝෂයත් වෙනස් කරයි ‘රේසිස්ම්’ (racism) යන වදනට දී තිබෙන අරුත කළු ජාතික තරුණියක කළ ඉල්ලීමකට අනුව වෙනස් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ශබ්දකෝෂයක් වන ‘මේරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය පියවර ගෙන ඇත. 10 June 2020
විරෝධතාකරුවෝ කොලොම්බස්ගේ පිළිරුව ජලාශයකට විසිකරති පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඝාතනය ලක්වූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතාවයක් අතරවාරයේදී විරෝධතාකරුවෝ පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් හි පිහිටි ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ පිළිරුවට ගිනි තබා එය කඩා බිඳ අසළ පිහිටි ජලාශයකට විසි කළහ. 10 June 2020
දරුණු අපරාධකරුවන් දුරකතන සබඳතා අවහිර කළ බන්ධනාගාරවල රැඳවීමට පියවර මරණීය දණ්ඩනය හා වෙනත් දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින දරුණු අපරාධකරුවන් විසින් දුරකතන ඔස්සේ සිදුකරන ජාවාරම් නැවැත්වීමේ පියවරක් ලෙස එම අපරාධකරුවන් දුරකතන සබඳතා අවහිර කළ බන්ධනාගාරවල රැඳවීමට පියවර ගෙන ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 10 June 2020
පෙරටුගාමීන්ගේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය හදිසියේ ගිනි ගනී හදිසියේ ඇති වු ගින්නකින් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ කොටසක් විනාශ වි ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. 10 June 2020
ජුනි 12 වැනිදා සිට ආගමික කටයුතුවලට අවසර එළැඹෙන ජුනි 12 වැනිදා සිට ආගමික කටයුතුවල නිරතවීම සඳහා උපරිම පුද්ගලයින් 50 දෙනෙකුට අවසර ලබා දිමට රජය තිරණය කර ඇත. 10 June 2020
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයට සීල් තියයි නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩිවීමත් සමඟ රාජස්ථාන් ප්‍රාන්තයට සීල් තැබීමට ප්‍රාන්ත බලධාරීහු අද (10) පියවර ගත්හ. 10 June 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026