
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් නවදගල මහා විද්‍යාලයේ දරුවන් 59 ක් පමණ අද පාසලට පැමිණ ඇතත් ගුරුවරු අද (07)පාසලට පැමිණ නැතැයි වාර්තාවේ.
අද දින පාසලට පැමිණ ඇත්තේ විදුහල්පතිවරයා සහ ක්‍රීඩා භාර ගුරුවරයා පමණකි.
මේ පිළිබදව විදුහල්පතිවරයා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරිය දැනුම්වත් කිරීමෙන් පසු ඒ ගැන සොයා බැලීම සදහා ගුරු උපදේශකවරුන් පස් දෙනෙකු එම විද්‍යාලය වෙත යවා ඇත.
මෙම තොරතුරු සනාථ කර ගැනීම සදහා ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අයේෂා පරණවිතාන මහත්මියගෙන් හා විදුහල්පති හේමන්ත විජේතිලක මහතාගෙන් අප විමසූ විට ඔවුන් මාධ්‍යට තොරතුරු හෙළිකිරීමට නොහැකි බව පැවසූහ.
මෙම විද්‍යාලයේ ගුරුවරුන් පනහක් පමණ සේවය කරන අතර දරුවන් තුන්සියයක් පමණ ඉගෙනුම ලබන බව දැනගන්නට ඇත.
එහෙත් ඉකුත් දිනවල පාසලට පැමිණ ඇත්තේ දරුවන් අසූවක් පමණ බවද දැනගන්නට ඇත.
පාසලට නොපැමිණි ගුරුවරුන් ඒ බැව් විදුහල්පතිවරයාට දන්වා නැති බවද දැනගන්නට ඇත.
කෙසේ නමුත් අද (07) දින පාසලට පැමිණි උසස් පෙළ හා අනෙකුත් පංති වල දරුවන්ට සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් ඉගැන්වීම් කටයුතු කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළ බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය අසාර්ථකයි කියන්න වෙනත් උදාහරණ අනවශ්‍යයි. රජයෙන් පඩිගන්න සේවකයන්වත් වැඩට ගේන්න බැහැ කියන්නේ ෆේල්ම තමයි.