IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ළමෝ පාසලට එති:ගුරුවරු නැහැ


 
(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් නවදගල මහා විද්‍යාලයේ දරුවන් 59 ක් පමණ අද පාසලට පැමිණ ඇතත්  ගුරුවරු අද (07)පාසලට පැමිණ නැතැයි වාර්තාවේ.

අද දින පාසලට පැමිණ ඇත්තේ විදුහල්පතිවරයා සහ ක්‍රීඩා භාර ගුරුවරයා පමණකි.

මේ පිළිබදව විදුහල්පතිවරයා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරිය දැනුම්වත් කිරීමෙන් පසු ඒ ගැන සොයා බැලීම සදහා ගුරු උපදේශකවරුන් පස් දෙනෙකු එම විද්‍යාලය වෙත යවා ඇත.

මෙම තොරතුරු සනාථ කර ගැනීම සදහා ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අයේෂා පරණවිතාන මහත්මියගෙන් හා විදුහල්පති හේමන්ත විජේතිලක මහතාගෙන් අප විමසූ විට ඔවුන් මාධ්‍යට තොරතුරු හෙළිකිරීමට නොහැකි බව පැවසූහ.

මෙම විද්‍යාලයේ ගුරුවරුන් පනහක් පමණ සේවය කරන අතර දරුවන් තුන්සියයක් පමණ ඉගෙනුම ලබන බව දැනගන්නට ඇත.

එහෙත් ඉකුත් දිනවල පාසලට පැමිණ ඇත්තේ දරුවන් අසූවක් පමණ බවද දැනගන්නට ඇත.

පාසලට නොපැමිණි ගුරුවරුන් ඒ බැව් විදුහල්පතිවරයාට දන්වා නැති බවද දැනගන්නට ඇත.

කෙසේ නමුත් අද (07) දින පාසලට පැමිණි උසස් පෙළ හා අනෙකුත් පංති වල දරුවන්ට සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් ඉගැන්වීම් කටයුතු කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළ බවද වාර්තාවේ.

 



අදහස් (1)

ළමෝ පාසලට එති:ගුරුවරු නැහැ

Prasad Monday, 07 December 2020 10:40 AM

රජය අසාර්ථකයි කියන්න වෙනත් උදාහරණ අනවශ්‍යයි. රජයෙන් පඩිගන්න සේවකයන්වත් වැඩට ගේන්න බැහැ කියන්නේ ෆේල්ම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site