IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කටුනායක ගුවන්තොටුපොළ දොරටු ජනවාරියේදී සංචාරකයන්ට ඇරෙයි

 
එළඹෙන ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ.

සෞඛ්‍ය අංශවල අනුමැතිය පරිදි එය විවෘත කිරීම සඳහා නිශ්චිත දිනයක් පිළිබඳ තීරණය කිරීමට බලධාරීහු මේ දිනවල රැස්වෙමින් සාකච්ඡා කරමින් සිටිති.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ විවෘත කළ පසු එහි පැමිණෙන සංචාරකයන් සහ එහි නිලධාරීන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් මාලාවක් සැකසෙමින් පවතී.



අදහස් (9)

කටුනායක ගුවන්තොටුපොළ දොරටු ජනවාරියේදී සංචාරකයන්ට ඇරෙයි

NAWFER Monday, 07 December 2020 11:41 AM

සංචාරකයන්ට නෙමෙයි මහත්තයෝ.. ඉස්සෙල්ලාම මැදපෙරදිග ඇතුලුව විදේශ රටවල රැකියාව අහිමි වී අසරණ වූ පිරිස් රටට ගෙන්වන්න ක්‍රමයක් සකසන්න. සංචාරකයෝ ගේන්න පස්සේ හිතන්න පුලුවන්. අනේ මෙහෙමත් රටක්...

:       0       0

Indeka rg Tuesday, 08 December 2020 03:46 AM

හොදයි

:       0       1

rataviru bomba Tuesday, 08 December 2020 04:06 AM

ලංකාවෙ තත්වය පිටරට වැඩකරන ශ්‍රී ලාංකිකයන් හොදින් දන්නවා ඔවුන් බාරගැනීමට අකැමැති වූවා සේම සත්‍ය තත්වය ඔවුන් ලොවට කියනු ඇත. තමන් වාසය කරන දේශයේ රටවැසියන් සමග ඉතා සමීප පිරිස ඔවුන්ය.

:       0       3

malavila pohottu UAE Tuesday, 08 December 2020 04:08 AM

සංචාරකයන් නොපැමිණේ..

:       2       2

sakalabujan Tuesday, 08 December 2020 04:19 AM

තරු පන්තියේ හෝටල් වල ලක්ෂ ගණන් ගෙවා නිරෝදායනය වීමට අපට මුදල් නැත. ඉන්දියාවේ හා ලෝකේ අනිත් රටවල වගේ නිවසේ නිරෝදායනය වීමට රට විරුවන්ට අවසර දෙන්න. සුළු වැටුපකට මැද පෙරදිග කාන්තාරයේ ගිනි රස්නේ දුක් විද හම්බ කර රටට මුදල් ඒවා ඩොලර් සංචිත පෝෂණය කරන රට විරුවා හුරගෙන කෑම වහා නවත්තනු.

:       0       15

fairoos Tuesday, 08 December 2020 07:00 AM

එතකොට මෙදාපාර ඉන්න අයට කවද්ද එන්න පුළුවන්...?

:       0       1

Tharanga sanjeewa Tuesday, 08 December 2020 07:26 AM

පිටරටක සේවය කරන අයත් ඉතා දුක් මහන්සියෙන් හම්බ කරලා කීයක්හරි ඉතුරු කරගන්න උත්සාහ කරන්නෙ අවුරුදු ගණන් ඉදලා. ඒත් ගොඩාක් අයට ප්‍රශ්න සාමන්‍ය මිනිස්සු. ඉතිං ලක්ශ ගනන් හොටෙල් වලට දීලා එන්න විදියක් සමහරුන්ට නෑ. නිවසේ නිරෝධායනය කරන්න ඉඩක් සලසා දෙනව නම් වටිනවා. සල්ලි ගරා කන එක නවත්තලා.

:       0       13

de silva Thursday, 10 December 2020 12:18 PM

සංජීව මහත්තයා එහෙම කළාම ගජමිතුරන්ගේ හා පවුල්වල හෝටල්වලට ලැඛෙන ආදායම නැතිවන බව ඔබ දන්නේ නැතිද?

:       0       0

priyantha Saturday, 12 December 2020 10:08 AM

ඒ කියන්නේ නිරෝධායනේ ඉවරයි... පිටරට වැඩකරන අපිටත් සාමාන්‍ය විදිහට නිවාඩු ඉන්න පුළුවන් වෙයි නේද? එහෙම නැතිව සංචාරකයින්ට එකක් දුක් මහන්සියෙන් සල්ලි හම්බකරලා ලංකාවට එවන අපට තව එකක් වෙයිද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site