
එළඹෙන ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ.
සෞඛ්‍ය අංශවල අනුමැතිය පරිදි එය විවෘත කිරීම සඳහා නිශ්චිත දිනයක් පිළිබඳ තීරණය කිරීමට බලධාරීහු මේ දිනවල රැස්වෙමින් සාකච්ඡා කරමින් සිටිති.
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ විවෘත කළ පසු එහි පැමිණෙන සංචාරකයන් සහ එහි නිලධාරීන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් මාලාවක් සැකසෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන්ට නෙමෙයි මහත්තයෝ.. ඉස්සෙල්ලාම මැදපෙරදිග ඇතුලුව විදේශ රටවල රැකියාව අහිමි වී අසරණ වූ පිරිස් රටට ගෙන්වන්න ක්‍රමයක් සකසන්න. සංචාරකයෝ ගේන්න පස්සේ හිතන්න පුලුවන්. අනේ මෙහෙමත් රටක්...
හොදයි
ලංකාවෙ තත්වය පිටරට වැඩකරන ශ්‍රී ලාංකිකයන් හොදින් දන්නවා ඔවුන් බාරගැනීමට අකැමැති වූවා සේම සත්‍ය තත්වය ඔවුන් ලොවට කියනු ඇත. තමන් වාසය කරන දේශයේ රටවැසියන් සමග ඉතා සමීප පිරිස ඔවුන්ය.
සංචාරකයන් නොපැමිණේ..
තරු පන්තියේ හෝටල් වල ලක්ෂ ගණන් ගෙවා නිරෝදායනය වීමට අපට මුදල් නැත. ඉන්දියාවේ හා ලෝකේ අනිත් රටවල වගේ නිවසේ නිරෝදායනය වීමට රට විරුවන්ට අවසර දෙන්න. සුළු වැටුපකට මැද පෙරදිග කාන්තාරයේ ගිනි රස්නේ දුක් විද හම්බ කර රටට මුදල් ඒවා ඩොලර් සංචිත පෝෂණය කරන රට විරුවා හුරගෙන කෑම වහා නවත්තනු.
එතකොට මෙදාපාර ඉන්න අයට කවද්ද එන්න පුළුවන්...?
පිටරටක සේවය කරන අයත් ඉතා දුක් මහන්සියෙන් හම්බ කරලා කීයක්හරි ඉතුරු කරගන්න උත්සාහ කරන්නෙ අවුරුදු ගණන් ඉදලා. ඒත් ගොඩාක් අයට ප්‍රශ්න සාමන්‍ය මිනිස්සු. ඉතිං ලක්ශ ගනන් හොටෙල් වලට දීලා එන්න විදියක් සමහරුන්ට නෑ. නිවසේ නිරෝධායනය කරන්න ඉඩක් සලසා දෙනව නම් වටිනවා. සල්ලි ගරා කන එක නවත්තලා.
සංජීව මහත්තයා එහෙම කළාම ගජමිතුරන්ගේ හා පවුල්වල හෝටල්වලට ලැඛෙන ආදායම නැතිවන බව ඔබ දන්නේ නැතිද?
ඒ කියන්නේ නිරෝධායනේ ඉවරයි... පිටරට වැඩකරන අපිටත් සාමාන්‍ය විදිහට නිවාඩු ඉන්න පුළුවන් වෙයි නේද? එහෙම නැතිව සංචාරකයින්ට එකක් දුක් මහන්සියෙන් සල්ලි හම්බකරලා ලංකාවට එවන අපට තව එකක් වෙයිද දන්නේ නැහැ.