
(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු අද (7) හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.
පල්ලියට අයත් වැටක් ඉදි කරමින් සිටි යදී අවසර නොමැතිව වැට ඉදි කරන බවට තර්ජනය කරමින් තමාට පහර දුන් බව ඔහු පොලිසියට පවසා තිබේ.
මේ පිළිබඳව හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කේ බී කන්දසාමි කන්නා මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීවේය.
මා ඔහුට පහර දීමක් කළේ නැහැ. ඔහු මා සමග පෞද්ගලික අමනාපකමක් තිබෙනවා. ඔහු මුහුණට හමුවූ අවස්ථාවේ මට පහරදීමට පැමිණියා. මා තල්ලු කරද්දී ඔහු කානුවට වැටුනා යැයි ද සභාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවට මිනිස්සුනේ, දේශපාලුවන්ගෙන් ගුටි කන්න එපා. මන්ත්‍රී වේවා, ඇමතිවේවා, අගමැති වේවා, ජනාධිපති වේවා.. ඔය ඔක්කොම අපේ සේවකයින්. ඔය රස්සාවට එන්න කලින් හිඟන්නන්. හොර පොල් කඩපු හොරු. ඔවුන් එක එක බොරු කියමින් මිනිස්සු රවටමින් අපේ ඡන්දය හිඟාකාලා බලයට පත්වුණාම... අර අතීතය අමතක වෙනවා. දේශපාලුවන්ගේ පඩි පත ගෙවන්නේ ඔබේ දහදියෙන් උපයන මුදලෙන් ආණ්ඩුව හොරාකන බද්දෙන් බව අමතක කරන්න එපා. ඔබට මොන විදිහක හෝ දේශපාලුවෙක් ගැහුවොත්. හැරුණු ගමන් ගහන්න. ආයේ නැගිටින්න බැරිවෙන්නම ගහන්න. අතට අහුවෙන දෙයකින් ගහන්න. ඒ අය දෙවිවරු නොවෙයි - මිථ්‍යා දෘෂ්ටික හොරු... පොලිසි යන්න බයවෙන්න එපා. පොලිසියේ 10දෙනෙක් විතර එකතුවෙලා ඔබේ ඇට කටු කඩයි. ඒ ශ්‍රී ලංකාවේ මිනීමරු පොලිසියේ ස්වභාවයයි. අහිංසකයින් මරන්න ලෝකයේ ඉන්න නම්දරාපු පොලිසිය තියෙන්නේ මේ ධර්මද්වීපයේ... බුදුන් වහන්සේගේ උතුම් වූ නමටත් නිගාදෙමින් දේශපාලුවන්ට මුට්ටි අල්ලන ජූජක බමුණන්ගෙන් මේ මිනීමරු පොලිසිය අනුශාසනා ලබනවා නිතරම... නමුත් දේශපාලුවෙකුට මදි නොකියන්න තලන ඔබ "සැබෑ වීරයෙක් ". කාලයකට ඉස්සර නුවර එළියේදී එක දේශපාලුවෙක් මදි නොකියන්නම ගුටි කෑ හැටි ඔබට මතකද?