(ඉන්දිකා රාමනායක)
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් කොල්ල කෑ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් පුහුණුව ලබන වෛද්‍යවරයකු බව පොලිසිය කියයි.
වෙනත් රෝහලක සේවය කර ඇති මෙම වෛද්‍යවරයා පසුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් පුහුණුවට අනියුක්ත කර ඇති බව පොලිසිය කියයි.
සැකකාර වෛද්‍යවරයා කොල්ල කෑ රුපියල් ලක්ෂ 79 ක මුදලක් හා සෙල්ලම් පිස්තෝලයක් පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි අප්පට බල්ලෝ බුරපි.. කිව්වලු.. අරුම පුදුම පුවත්නේ දැන් දැන් ඇහෙන්නේ අම්මපා.. අනේ දෙවියනේ..!!! දෙවියන්වන් වෛද්‍යවරුන්ගේ ගරුත්වයට කළ හානිය ... ඊටත් වඩා විශේෂඥ වෛද්‍යවරයෙක්... අනේමන්දා..!!!
සමිත, සමහරවිට ඔය පටන්ගත්තා විතරක් වෙන්නත් පුළුවනි. දැන් ඉතින් චැනල් කරන්නත් ටිකක් අමාරුයිනේ.. ඉස්සර වගේ කෝටිගණන් සල්ලිත් එන්නේ නැතිව ඇති.. ඒනිසා ඊටත් වඩා ලේසියි කියලා සෙල්ලම් පිස්තෝලයක් අරගෙන මංකොල්ලය දෙන්න ඇති.. ඉස්සර බස් එකේ ඉතුරු සල්ලි හොරකම් කලේ "කොන්දොස්තරලා ". දැන් ඉතින් "කොන්" කෑල්ල අයින්කළාම එන අයත් සුද්දෙ දෙන්න පටන් අරන්...
බහුතරයක් විශේෂඥ වෛද්‍යවරුන් ඕක කරන්නේ පිස්තෝලයක්වත් පාවිච්චි නොකර, ව්‍යාජ හිනාවකින්.
දොස්තරලත් හිඟපාඩු නම් අපි ගැන හිතාගන්න පුළුවන්නේ...
දැන් චැනල් ඒවත් අඩුයිනේ. කෝටි ගණන් ෆිනෑන්ස් කරලා ගත්තු සුපිරි වාහන සහ ගෙවල්වලට ගෙවාගන්න බැරුව හොම්බ බිම ඇනිලා ඉන්න ඇත්තේ .. මිනිස්සුන්ට හොඳ පාඩම් දරන්න බැරි ෆිනෑන්ස් සහ ණය ගන්නවාට. ගොඩක් මෙහෙම දඟලන්නේ ලෝකෙට පේන්න.. අල්ලපු ගෙදර අයට පේන්න මිසක් වෙන දේකට නෙමෙයි.. එක්කෝ මානසික ලෙඩෙක් වෙන්නත් පුලුවන් ..
විභාග මිලියනයක් පාස් කරනවා කියන්නේ උගත්කම ලැබීම නොවේ කියන සත්‍යයට මීට වඩා සාක්ෂි අවශ්‍යද?
හොරකම සාංසාරික පුරුද්දකි...
වෛද්‍ය විද්‍යාවේ පියාවූ සොක්රටීස්තුමා තම වලේ කරනම් ගහනවා ඇති... එයාගේ ගෝල බාලයෝ කරන අද විගඩම් දැකලා.
දැන් නම් වත්ත වටේට තාප්පයක් බැඳලා එයිට උඩින් විදුලි රැහැන් අදින්න කාලේ ඇවිත් වගේ?
මේ දොස්තර සමත්වෙලා තියෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාලයකින්ද, නැත්නම් වැලිකඩ පාතාල විශ්ව විද්යාලෙන්ද?
ඔක්කෝටම ඉස්සර වෙලා මෙයාගේ O/L, A/L සහතික නැවත පරීක්ෂා කළයුතුමයි. එම විභාග හොරට පාස් වෙන අයත් ඕනෑතරම් ඉන්නවා. අපි වැඩ කරන තැන්වල වුණත් සැක මතුවන අය සමහර වෙලාවට හමුවනවා.
දොස්තරලටත් හොරකම් කරන්න වුණා එහෙනම්.
කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් එළිපිට හොරකම් කර සැප විඳින දේශපාලකයින්ට හුරේ දමන වහල් දොස්තර කෙනෙක් ලක්ෂ 79ක් හොරකම් කෙරුවා. එ්ක ගැන කමෙන්ට්වල වැළපෙන අපූරුව. හොරකම ලොකු වුණත්, පොඩි වුණත් වැරැද්ද, වැරැද්දක් විදියට සලකා නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. එසේ නොකොට දේශපාලන කණ්ණාඩි පැළඳගෙන සියල්ල දැකීමට යාම පිළිකුල් සහගතයි...
මේ මනුස්සයා ඒ තත්ත්වයට පෙළඹුනේ ඇයි? එක්කො සමාජ ශාලාවලට ඇබ්බැහි වෙලා. නැත්නම් වෙනත් නරක පුරුද්දක්. පසුව හෙලි වේවි යැයි හිතෙනවා.
මෙතෙක් දවස් වෛද්‍යවරුන් ජනතාවගේ මුදල් කොල්ලකෑවේ ජනතාවට නොදැනෙන්නයි. හරියට ඔලුව අතගාලා ඇස් දෙක ගලවා ගන්නවා වගේ. දැන් ඔලුව අතනොගාම ඇස් ගලවන්න පටන් අරන්. කාර්යාලයක යම් වැඩක් කර ගැනීමට පැමිණෙන අයගෙන් අල්ලස් ලබා ගන්නා රාජ්‍ය නිලධාරින්... (සියලුම දෙනා නොවේ.. නමුත් බොහෝ පිරිසක් මේ ආකාරයි) එක අතකින් මෙහි මහා ලොකු පුදුමයකුත් නෑ. රටේ මුල් පුටුවල ඉන්නා අයත් කරන්නේ ජනතා මුදල් කොල්ල කන එක නම් අනිත් අය ගැන කවර කතාද..?
රාජිතගේ වැඩක් වත්ද?
මෙයා GMOA සාමාජිකයෙක්ද? මේක තනියම කරන්න ආපු සෙල්ලමක් නොවේ. එළිවෙනකොට හොඳ හොඳ ආරංචි ලැබෙයි.
වෛද්‍යවරුන් යනු උගත්, බුද්ධිමත් අය විශාල වශයෙන් අධ්‍යාපනික මට්ටමක් තියෙන අය.. එවනි අය මේ වනවිටදි නූගත් හා ඊට යම් මට්ටමකට අධ්‍යාපනික මට්ටමක් ඇති අයගේ තත්වයට පත්ව ඇති බව පෙනීයනවා.. එක් වෛද්‍යවරයෙක් ප්‍රතිකාර ගන්න ආව ඇගළුම් සේවිකාවක් මරාදමා ඉහළ මහලකින් පහලට තල්ලුකළා..
කුඩු ගහන්නවත් පුරුදුවෙච හාදයෙක්ද.?
දැන්කාලේ නොවෙයි මෙයට වසර හත අටකට පමණ පෙර සිට බොහෝ රාජ්‍ය ආයතනවලත් විශ්‍රාම වැටුප් ගෙවීමේදීත් මුදල් අතින් ගෙවන්නේ නැහැ. ගෙවීම් කරන්නේ අන්තර්ජාලය හරහාය. එතරම් දියුණු තාක්ෂනයක් තිබියදී මෙලෙස කටයුතු කිරීම හොරකමට අනුබලයක්ද කියා හිතෙනවා
පසුහිය කොරෝනා කාලයේදී මිනිසුන් ඉතාම නිරෝගී වූනා. කලින් මතය උනේ චැනල් සර්විස් නැත්නම් ලෙඩ සනීප කරගන්න බැහැ කියලානේ. වස විස නැති කෑම කාලා ඇඟට අහිතකර විස බෙහෙත් ටොන් ගණන් බොන්නේ නැතිව ලබා ගත් නිරෝගී බව නිසා ආපසු නම් මිනිසුන් මේ විශේෂඥ වරු පස්සේ යාම ගොඩක් අඩුවේවි. මේකට කලබල උන ගොඩක් විශේෂඥ දොස්තර මහත්තුරු මොන වගේ නීතිවිරෝධී වැඩ කරාවිද කියන්න බැහැ. ආණ්ඩුව මෙවැනි දේවල් ඉදිරියේදී නොවන්නට ප්‍රතිකර්ම යොදන්න ඕන. සුළු දඩුවම් දුන්නොත් මේක පුරුද්දකට යාවි.
හැම හොරෙක්ම නූගත් කියන සංකල්පය ඔයාගේ හිතෙන් අයින් කරගන්න.
ආ, නිමල් ළමයෝ, වෛද්‍ය විද්‍යාවේ පියා සොක්රටීස් වුනේ කොහොමද? නොදන්නා දේවල් කතා කරලා තමා මෝඩයෙක් බව පෙන්වන්නේ හොඳ නැහැ!
දොස්තරවරු නොවෙයි දොස්තරහොරු ඉන්න කාලයක් මේක.
උගතුන් පමණක් පාර්ලිමේන්තු යවමු.
ලෙඩ්ඩුන්ගෙන් සල්ලි මංකොල්ල කාපු පුරුද්දට තමයි බැංකුවටත් ගියේ.
මේක මානසික අවපීඩන තත්වයක් නිසා ඇතිවුන මනෝ විකාරයක් මට හිතෙන විදිහට
මෙතන කමෙන්ට් දාපු ආපු අයගෙන් ඉන්නවද තමන් සේවය කරන ආයතනයෙන් හාෆ් ශීට් කොළයක් හෝ ගෙනාපු නැති කෙනෙක්. දියමන්තියක් හොරකම් කළත් කෙකිරි ගෙඩියක් හොරකම් කළත් හොරකම හොරකමයි .
මෙ දවස්වල ප්‍රයිවට් වැඩ නැති නිසා වෙන්න ඇති..
අනිවාර්යයෙන්ම ඔය කියන දොස්තර, අර දොස්තර මාෆියා සංගම් කල්ලියේ සාමාජිකයෙක් වෙන්න ඇති. වෙනත් වෛද්‍යවරයෙක් නම් ඔය වගේ වැඩක් කවදාවත් කරන්නේ නැහැ.
ඕනෑම වෘත්තියක නරක චරිත සිටිති. බලමුකෝ ලෙඩ වුණාම බුදු මහත්තයෝ කියාගෙන යන්නේ නැතිද කියලා...