(එම් .සුසිල් ප්‍රියන්ත )
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාට විරෝධය පළ කිරීමේ යෝජනාවක් කරන්දෙණිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී වැඩි ඡන්ද 14 කින් සභා සම්මත විය .
පොදු ජන ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුෂාන් ප්‍රසන්න මහතා විසින් මේ යෝජනාව ගෙන එන ලදි.
සභා රැස්වීම මෙහෙයවූ පාලක පොදු ජන පෙරමුනේ උප සභාපති නිමල් බන්දු මහතා ඇතුලු දොලොස් දෙනා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනා මේ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හතර දෙනා යෝජනාවට විරුද්ධව චන්දය ප්‍රකාෂ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලැහැස්තිවෙන්නේ " හූල් ගෙන් රට බේරා ගමු" කියන සටන් පාඨය කියලා ජාතිවාදය ඉස්සරහට දමලා ඕනෙම පුස් පාන්ගෙඩියකට දේශප්‍රේමය නමැති බටර් ටික ගාලා කරන්දෙණියේ මිනිසුන්ට ගිල්ලවන්න... මේ ගොල්ලන් හිතන් ඉන්නේ කරන්දෙණියේ ඉන්නේ ඔක්කොම බයියන් කියලා...
හුුල් කියන්නෙ මොනව උනත් පිට කොන්දක් තියෙන වියතෙක්....
නුඹලට ඔච්චරම විරුද්ධ වෙන්න ඕන නම් රුපියල් 43 ගොඩබාන පෙට්‍රල් 137 විකුණුවාට යෝජනාවක් සම්මත කර ගනිල්ලකෝ...
මෝඩකමට බෙහෙත් නැත. අඩුගණනේ ඉංග්‍රීසි දැනුම ලාවටවත් තිබුණානම්..
කරන්දෙණිය ප්‍රාදේශීය සභාව..? ඕක ගූගල් මැප් එකේවත් නැහැනේ... හෙට අනිද්දා මේගොල්ලෝ ට්රම්ප්වත් එලවන්න කරන්දෙණියේ ප්‍රාදේශීය සභාවේ වැඩිඡන්දෙන් තීරණය කරාවි...
මොනවාටද හැබෑවටම විරෝධය පළ කරන්නේ?
දේශපාලන ප්‍රශ්නනම් දන්නේ නෑ. හැබැයි හූල්ගෙ කොටි පුල්ලි පෙන්වනවා.
කමකට නැති දේවලට කාලේ නාස්ති නොකර බුලත් විටක් හරි විකුණලා ගමට වැඩක් කරන විදියක් බලන්න මහතුනේ...
ගමේ පාලමක්, බෝක්කුවක් හදන්නත් ඔයවගේ උනන්දුවක් තිබේ නම්...
"හූල්ගෙන් රට බේරා ගමු" කියන සටන් පාඨය කියලා ජාතිවාදය ඉස්සරහට දමන්න වුවමනා නැහැ මොකද හූල් කරගත්තේ බ්ලැඩි ෆුල් වැඩක්. දැනට ඔහොම යන්... වැඩිඈතක නොවෙයි.