සිය මන්ත්‍රී දේශපාලන ජීවිතයට සමුදීමට තමා තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
ඒ අනුව 2020 මහ මැතිවරණයට සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බවත් අපේක්ෂකයකු ලෙස ඡන්ද නාම ලේඛනයේ නම සදහන්ව තිබුණද ඡන්දය ඉල්ලිමෙන් වැලකී සිටින බවත් පවසන හිටපු අමාත්‍යවරයා සිය අංකය ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙස මාතර දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබේ.
එමෙන්ම මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමුගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් මංගල සමරවීර මහතා අද(09) මේ බව ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද දන්වා ඇතැයි මංගල සමරවීර මහතා සඳහන් කරයි.
මංගල සමරවීර මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන් !! තවත් කට්ටිය ඉන්නවා ජාමෙ බේරාගෙන ගෙදර යන්න ඕනේ. ඒ ගොල්ලන්ටත් පූර්ව ආදර්ශයක්. නැතිනම් කෙකර ගගහා ඉන්න ජනතාව ගෙදර යවන කාලය වැඩි ඈතක නොවේ.
රටින්ම සමු ගන්නේ කවද්ද?
අනේ අපේ රටට වාසනාවක් ඔබේ ඉවත් වීම...
යන්න මංගල යන්න නිකං මර්සි නොදා..
මෙයා හොර කපුවාට දඬුවමක් දීලම ගෙදර යවන්න...
මොන වෙස්මුහුණ පැළඳගෙන මුහුණ වසාගෙන හිටියත්, මිනිසුන්ට හොඳින්ම හඳුනාගන්න පුළුවන් කියලා අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. එයයි යතාර්ථය... අවසානයේ හෝ තමන් මීහරකා යන්න තමා විසින්ම හඳුනා ගැනීම පිළිබඳව අප අගයන්නෙමු.
ගිහින් ජිනීවා පැත්තෙන් පදිංචි වෙන්න. යාලුවෝ එහෙමත් ඉන්නවනේ...
ඔබට පූර්ණ දේශපාලනයෙන්ම සමුගැනීම හැරෙන්නට වෙන විකල්පයක් නැත. ඒ ගැන සිතා බලන්න.
"" නිවන් සුව ලැබේවා ""
ඔබ දේශපාලනයෙන් සමුගැනීම ගැන බොහෝදෙනා සතුටුවන බව මම දනිමි. ඒ යම් යම් අවස්ථාවල ඔබ අනවශ්‍ය ප්‍රකාශ කිරීම හා ඇතැමුන්ට පරිභව කිරීමයි. එනමුත් බලය ඇති විට ඔබවිසින් මහජන හිතසුව පිණිස යහපත් කාර්යයන් කිහිපයක් කළ බවද අප අමතක නොකළ යුතුයි. ඔබගේ විශ්‍රාම දිවියට සුබ පතමි..!.
තෑනක් යූ සෝ මච් කියන්න හිතුණා. රටම දිනපු වෙලාවක්... හැබැයි දේශපාලන ජීවිතේ පෙන්ෂන් යන්නේ නැහැ කියන්නේ ඊගාව රවුම ගෙනියන්නේ මිස්ටර් කොටි අනුග්‍රහයෙන්ද දන්නේ නැහැ.
මන්ත්‍රී දේශපාලනයෙන් සමු ගන්නවා කියලා තියෙන්නේ... ඇමති දේශපාලනයෙන් ආපහු එන්න ඩීල් එකක් සෙට් වෙලා වගේ. එහෙම වුණොත් 69 ලක්ෂෙටම පට්ට රචනා ටිකක් ලියන්න වේවි...!!!
මංගල මාතරට මොනවද කරේ කියලා බලන්න මාතරටම ගිහිල්ලා බලන්න 1994 ඉඳලා මේ දක්වා.. සුබ ගමන් ඔබට...
මට නම් පෙනෙන්නේ මුහුණ මාරු කරලා එන්න වගෙයි යන්නේ?
එහෙම පච කියල ශේප් වෙලා යන්න බැහැ. කරපු හොරකම් වලට, රට පවා දුන්නට දැඩි දඬුවම් දීලා හිරේ දාන්න ඕනෑ... රටේ අවාසනාවට මෙහෙම පව් කාරයෝ ඉපදුනේ...
මෙයාගේ මැතිවරණ ප්‍රචාරණයට අලුත් මුහුණුවරක් හඳුන්වා දීමටයි මේ සැරසෙන්නේ. ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ නැත්නම් නාමයෝජනා ලැයිස්තුවෙන් නම ඉවත්කර ගන්න එකනේ තියෙන්නේ..
අටුවා ටීකා ඕනේ නැහැ. කෙළින්ම කිව්වොත් මෙයට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ.. ළඟදිම හොඳ කෑමක් කන්න හිටියේ.. ලෑස්ති වෙලා ඉන්න විඳවන්න.
අනේ ලොකු දෙයක් ... දැන්වත් මොලේ පෑදිලා..
රටට කෙළව කෙළවා පඩිය කීයක් උපයගන්න ඇද්ද? මේවට ඩිස්ලයික් දාන වහල් ජනතාවක් ඉන්නවනේ..
ආයේ පළාතේ එන්න එපා. පාවාදෙන mcc ගිවිසුම හඳුන්වාදුන් ඔබට මේ ටිකත් කියමි. යම්කිසි ආණ්ඩුවක් mcc අත්සන් කළොත් ඔබ තමයි මහජනතාවගේ පළමු බිල්ල වන්නේ... රට පාවාදෙන්නන්ට මරණය සාධාරණයි. ඔබ වැනි රට පාවාදෙන මෝඩයින්ට අශූචි ප්‍රහාරයක් එල්ල කරන්න නොහැකිවීම ගැන දුක්වෙමි.
ඔය ගමන්ම අර දියවන්නාවේ වාඩි වෙච්ච පුටුවත් හෝදලාම ගියා නං නේද හොඳ?
ලියන්න කියලා ගත්තෙ. ඒත් ලියලා තියෙන දේවල් දැක්කම මේ පුද්ගලයට තියෙන සමාජ විරෝධය හොඳටම පැහැදිලියි. උපන් රටට, ජාතියට, ශ්‍රී සද්ධර්මයට නිගා කරපු පාපයෙන් මිදෙන්න නම් මෙයාට කවදාවත්ම බෑ. උපදින උපදින ආත්මවල මනුස්සකමක් ලැබුණත් සරණාගතයෙක් තමයි වෙන්නේ...
මේ සිතුවිල්ල අනිකුත් අයටත් පහල වේවා..!
N M පෙරේරාගෙන් පස්සේ රටට වූ විශාලම පාඩුව... එ්ත් මේ හිටි අඩියේම... මහබැංකුවෙන් ගත්තු සල්ලි වලින් ආරම්භ කරපු ස්ථිර තැන්පතුවේ කල්පිරුණාවත්ද?
කී පාරක් කිව්වද ඕක...? මේ පාර නම් ඇත්තටම පල...
කියලවත් කරගන්න බැරි වැඩක් බුද්දාගමට අගෞරව කරලා මහා සංඝරත්නය අමනාප කරගත්තා ඒ නිසා මේයා සිටීම අදාල පක්ෂයටත් පාඩුයි ඒ නිසා ලොකු දෙයක්.
ප්රභාකරන් මැරුණ දවසේ වගේ සැහැල්ලුවක් දැනෙනවා.
විශ්වාස කරන්න අමාරුයි. ජිනීවා වල කොන්තරාත් එකක් ලැබිලා වගේ. එහෙම උනොත් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙනවා.
"ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලන කාලය අදූරදර්ශි හා අකාර්යක්ෂම පාලනයක් බව" ඡන්දේ ඉල්ලුවොත් ටිංකිරි ගාගන්න වෙන බව දැන ගත්තම කියන කතා හරිම විනෝදජනකයි.
මේ හාදයා ඡන්දෙ ඉල්ලුවොත් කරටියෙන්ම කඩලා යන බව දන්නවා. අන්‍ය ආගමිකයින් සමග එකතුවී මෙරට බෞද්ධ රටක් නොවෙයි කියන මේ හාදය තවටික දවසකින් මේක සිංහල රටක් නොවෙයි කියලා.
මේ අය යනවා කියන්නේ රටට හොඳ කලක් උදවේවියි හිතනවා. මේ වගේ අය තවත් ඉන්නවා. අනේ එ් කට්ටියට ඉක්මනටම යනවානම් ලොකුදෙයක්.. මේ රටේ දැහැමි පාලකයන් පමණක් ඉතිරිවේවා... අන් සියල්ලම හැරයත්වා..
මට නං හිතන්නේ මෙයා නියමෙට සජිත්ව අන්දලා.
මෙයා ගැන ජනතාව දරන මතය මේකේ කමෙන්ට්ස් වලින්ම පේනවා මේ අයගේ ලිබරල් මත මේ රටට ගැලපෙන්නේ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වෙන්න මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැති බව දැනිලා, බොරුවට නෝණ්ඩි වෙන්නේ නැතිව ප්‍රාදේශීය සභාවට ඉල්ලනවා මගේ හිතේ...
සමහර අදහස් දැක්කම පුදුම හිතෙනවා. රාජපක්ෂලා ඇතුළු සිය ගාණක මංගලට වැඩිය හොර නඩයක් ඉන්න බව දැනදැනත් අදහස් හරියට නරකම මිනිහා මංගල වගේ. කුහක නොවී කතා කරනවානම් හොරකම් කරපු නැති එක ඇමතියෙක් තමා මංගල. එ්ත් අපේ ප්‍රධානම නායකයින් බලන්නකෝ.., හොරකම් සඳහා දෙන්න හදපු දඬුවම් වලට වෙට්ටු දාලානේ ඇවිල්ලා ඉන්නේ...
අනේ දෙයියනේ එතකොට ලොරි මුණ විතරයි ඉතුරුවෙන්නේ!
ඔය මුහුණ හිඟන මනුස්සයෙකුටවත් දෙන්න එපා.. ඒ මනුස්සයාට හිඟමනක්වත් ලැබෙන්නේ නැතුව යයි.
අපේ ගෙදර ඉන්න ටොමියට ඔය මුහුණ දුන්නොත්...
රටේ යහපත උදෙසා පහුවෙලා හරි ගත්ත තීරණය හොඳයි. මෙවර මැතිවරණයටත් හිටියා නම් ඔබතුමා ඉන්න තැන තේරුම් ගන්න තිබුණා. හැබැයි දැන් සැරින් සැරේ මාධ්‍ය සාකච්ඡා තියතියා අපේ ලේ කෝප නොකර ගෙදරටම වෙලා හිටියොත් තවත් හොඳයි. පසුගිය අවුරුදු හතර හමාරේ රටට කල සේවය ආත්ම ගණනකටම ඇති...
පැත්ත ගියත් ඇත්ත කියපු, කොයිතරම් තමන්ට පාඩු සිදුවුණත් හිතට එකඟව බය නැතිව කතා කරපු නියම ගුට්ස් පොරක්...