( තිලකරත්න දිසානායක.)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා සමානව ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් ජාලයක් සහ එංගලන්තයේ විශ්ව විද්‍යාලයක් ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට යාම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ගම්පහ රෝහල ඉදිරිපිට අද (10) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංවිධානයේ සංවිධානත්වයෙන් මෙම නිහඬ විරෝධතාවය පැවති අතර මීට විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අටක ශිෂ්‍ය නියෝජිතයෝ එක්ව සිටියහ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු කසුන් තාරකද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ පහුගිය දවස්වල සටන් බිමේ හිටපු දොස්තර මහත්තුරු කෂ්ටිය?
ඉතාමත් හොඳ වැඩක්, ඇත්තටම අපේ රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල 2ක් 3ක් තිබිය යුතුමයි. ඒ වගේම නර්සින් පුහුණු විද්‍යාල 3ක් 4ක් ආරම්භ කල යුතුයි. අද ලෝක රැකියා වෙළඳ පලේ හොඳ ඉල්ලුමක් තියෙනවා මේ ක්ෂේත්‍ර වල අයට. බලන්න ලංකාවේ උසස්පෙළට විද්‍යා කරන ළමයි කී දෙනාද වෛද්‍ය විද්‍යාලේ යන්නේ... කැම්පස් යන්න බැරි වුණු ළමයි මොනතරම් නම් ඉන්නවද? ඉතින් ළමයින්ගේ කැමැත්ත තියෙනවා නම් දෙමව්පියන්ද වියදම් කර ඉගැන්වීමට සුදානම් නම් තව මොනවද? මේ සඳහා රටේ විකල්ප අවස්ථා තිබිය යුතුයි. මේ තුළින් රටට විශාල ලෙස විදේශ විනිමය ඉතිරියක් හා ඉපැයීමක් බලාපොරොත්තු විය හැකියි. අද බලන්න අපේ අසල්වැසි ඉන්දියාව කරන දේ..., පුද්ගලික වෛද්‍ය විද්‍යාල, හෙද/හෙදි පුහුණු විද්‍යාල හැම ප්‍රාන්තයකම ආරම්භ කරලා, ලෝකේ පුරාම සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉන්දියන්ස්ලා වැඩ, ඒ අයට හොඳ ඉල්ලුමක් තියෙනවා. හොඳට උපයනවා. අපි බලමු ඉතාම පොඩි ප්‍රාන්තයක් වන කේරල ප්‍රාන්තයේ, රජයේ වෛද්‍ය විද්‍යාල 9 ක් සමග පුද්ගලික වෛද්‍ය විද්‍යාල 12 කට එහා තියෙනවා... හෙද/හෙදි පුහුණු පුද්ගලික විද්‍යාල 50ට වැඩ තියෙනවා.. ඉන්දියාවේ ඇති එකම කොමියුනිස්ට් ප්‍රාන්ත ආණ්ඩුව කේරල..., නමුත් ඔවුන් මේවා කරනවට විරුද්ධ නැහැ...
මෙම උපාධිය ප්රදානය කරන්නේ එක්සත් රාජධානියේ වෛද්‍යය විද්යයාලයකින්. එම නිසා මෙය ලංකාවේ උත්ගෝෂණ කලාට වැඩක් නැහැ. පුහුණුවීම් පමණයි ලංකාවෙ කරන්නෙ.
තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එකක් නොව, පහක් වත් ඇරඹිය යුතුයි. ඒවායේ ලංකාවේ පමණක් නොව, ආසියානු කලාපයේ අනිකුත් රටවල සිසුන්ටද ඉගෙනීම ලබා දීමට ඉඩදී, රට ඉගෙනීමේ කේන්ද්‍රස්ථානයක් කල යුතුයි.
දැන් තියෙන්නේ කාගේ ආණ්ඩුවක් ද? ඉස්සර තිබුණු ආණ්ඩුවක් ඔහොම එකක් කරන්න ගිහින් විපක්ෂය විරුද්ධ වුණා. අපි ඒ විපක්ෂය බලයට ගෙනාවා වාගේ මතකයි. හරියටම මතක නැහැ සති දෙකකට කලින්නේ.
හා හා.. තවත් ජාත්‍යන්තර සිහිනයක්... කෝ මේ ඇමතියා!! මෑන්ස්ට ජාත්‍යන්තර සොහොන් පිටියක් හදන්න කියලා අර බැංකොක් එකේ අතින් අල්ලාගෙන ගිය බවලත් උදවිය කීවාද දන්නේ නැහැ. එ්කත් ජාත්‍යන්තර කෑල්ලක් නේ. පහුගිය දවස්වල මෑන්ස් කියලා තිබුනේ තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පිට්ටනියේ එයාගේ සොහොන හදන්න කියලා. දැන් කොරෝනා... බොඩි බෑග් තමයි ස්ටයිල් එක... සොහොන් හදන්නේ නැහැ. කාත් කවුරුත් නැතිව ආදාහනාගාරය තුළට දාලා වැඩේ ඉවර කරනවා.
එදා අපිට අවලාද නැගුවෝ කෝ? දැන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොඳයි,... මෙහෙමත් ජාතියක්...
මේ අය විරුද්ධ වෙන්නේ තනිකරම කුහකකම සහ ඊර්ෂ්‍යාව... අපේ රට වෛද්‍ය වෘත්තිකයින්ගේ අඩුව පුරවන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 5 හෝ 6 ක් තිබිය යුතුයි.
මේ මොන විකාර විරෝධයක්ද? ලෝකෙ ඕනෑම රටක පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. මේක මහ කුහක විරෝධයක්. තමන්ට විතරයි ඒ වරම් ලැබිය යුත්තේ කියන කුහක අරමුණින් කරන කාලකන්නි විරෝධයන්... මේ රට හදන්න නම් තද නීති අවශ්‍යමයි. නැත්නම් හැමදාම රට එකතැන....
GMOA කොහේද?
අපේ රටේ රජයේ සහ පුද්ගලික රෝහල් යන සෞඛ්‍ය පද්ධති 2ක්ම තිබෙනවා.. අවශ්‍ය ද්‍රව්‍යමය පහසුකම් තිබෙනවා.. නමුත් පසුගිය කාලේ ජාසිංහ මහත්මයා ප්‍රකාශ කලේ ලංකාවේ කොරෝනා රෝගීන් වැඩි වුණොත් සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැහැ කියලා, එ්කට හේතුව දොස්තරලා 4500ක් විතර සහ හෙද හෙදියොත් 10000ක් විතර අඩුවක් රටේ තිබෙනවා.. කරුණාකර පුද්ගලික වෛද්‍ය විද්‍යාල 2-3 වත් රටේ ඇතිකරන. හෙද හෙදියෝත් වැඩිපුර පුහුණු කරන්න. ඒවගේ විභාග රජය මගින් පවත්වන්න. එතකොට ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අපේ වෛද්‍ය සිසුන් මුදල් ගෙවලා, ඉන්දියාවේ, නේපාලයේ පවා ඉගෙන ගන්නවා. වෛද්‍ය සහ හෙද කාර්යමණ්ඩල අවශ්‍ය පමණට රටේ සිටියා නම් අපේ පුරවැසියන් 40000ක් පිටරට අනාතවෙලා දුක් විඳින්න වෙන්නේ නැහැ. බය නැතුව ලංකාවට ගෙනත් නිරෝධායනය කර රට තුළට ගන්න තිබුණා...
බංග්ලාදේශයේ, නේපාලයේ ගිහින් දොස්තරලා වෙලා එන එක හොඳයි... ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල අරින එක නරකයි. මොකද්ද මේ දෙකේ වෙනස?
ලංකාව කියන්නේ මැති ඇමතිවරු රුපියල් කෝටි 2-5ක් අතර වටිනාකමක් ඇති දොස්තරලා රුපියල් ලක්ෂ 60 සිට ඉහළ වටිනාකමක් ඇති වාහන භාවිතා කරන ප්‍රජාතාන්ත්‍රික ආර්ථිකයකට හිමිකම් කියන රටක්..., මේක සමාජවාදී රටක් නොවේ.. එමනිසා මේකේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුණාට කමක් නැහැ...
මේ නම් ඡන්දෙන් පස්සේ වැලිගම්පිටි යන්න ඉන්න කට්ටියක් වගේ..
ඒක හොඳ අදහසක්...
ඔය ඔක්කොම අයහපත් දේවල් නතර කරලා රට සුඛිතමුදිත කරලා දෙන්න තමයි එයාලා තුනෙන් දෙක ඉල්ලන්නේ. අනේ ඒක හින්දා ගෙදරින් පෑනක් අරන් ගිහින් ඡන්දයක් දාලා ඒ යුතුකම ඉටු කරලා කලගුණ දක්වන්න. එහෙම කරපුවාම අපේ බන්දුල සර්ට පුලුවන් ලොකුම ග්‍රවුන්ඩ් එකත් හදලා ඒක IPL ගහන්න කුලියට දීලා රටට විදේශ විනිමය ගෙනැල්ලා රටේ ණය ගෙවන්න. ඒවා මොල නෙමෙයි. මොල ගෙනියන නැව්. එක රටක්.. එක් නීතියක්..
පහුගිය කාලේ මහපාරට මී හරක් දක්කපු කල්ලි කණ්ඩායම් කෝ දැන්? නැට්ට උස්සගෙන මහපාරේ රිලා නැටුම් නටපු අය දැන් මොකද මේ නැට්ට බඩ යට ගහගෙන? මේ සත්තුන්ගේ නැට්ට කපා දමලා හෝ කරන වැඩක් පිළිවෙලකට කරන්න ඕනෑ. ඉතාම කෙටි කලකින්, ඒ මහපාරේ පිනුම් ගහපු රිලව් රැළ දැන් අහිංසක... බැටළුවන්, හාවන්, මුවන් බවට පරිවර්තනය කිරීම ගැන මේ රටේ නිර්භීත නායකත්වයට මගේ ආචාරය..!!
ශිවා බන්දුල සර්ට අපහාස කරන්න එපා... බන්දුල සර්ගේ හදවත ලෙදර් බෝලයක් වගේ... බන්දුල සර් අර්ජුන, සංඟා, මහේල, මුරලිලාට වැඩිය ක්‍රිකට් ගැන හොඳට දන්නා ක්‍රිකට් චක්‍රවර්ති කෙනෙක්..., මේසන් බාස්ලා, වඩු බාස්ලා ගෙවල් හැදුවට අාර්කිටෙක්ට්නේ ප්ලෑන් එක දෙන්නේ..., ඒවගේ තමා අර්ජුනලා, මහේලලා ක්‍රිකට් ගැහුවට මැනේජ්කරන්න දන්නේ බන්දුල සර්, එතුමා කියපුවා අහන්නේ නැතුව වඩුවන්, මේසන්ලා කියපුවා කරන්න ගිහින් ආණ්ඩුව මෙදාපාර අනාගන්නවා..., බන්දුල සර් කියන්නේ රුපියල් 2500 පවුලකටම කන්න දෙන්න පුළුවන් ජාතියේ මනුස්සයෙක්....
බලමු දැන් GMOA එක මොකද කරන්නේ කියලා. සටනට බහීද? නැත්නම් නිහඬව ඉඳීද? නිහඬව සිටියොත් පහුගිය කාලෙ පුද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහිව කරපු සටන් ඔක්කොම වැඩක් නැති ඒවා බවට පත්වෙයි.
GMOA එක තමයි මේ යෝජනාව ගෙනැල්ලා තියෙන්නේ, සයිටම් පටන්ගත්තෙත් මහින්ද, එ්කේ වෛද්‍ය ශිෂ්‍යයින්ට ශිෂ්‍යත්ව ප්රදානය කළෙත් මහින්ද... එ්කට විරුද්ධව ජනතාව උසිගැන්නුවෙත්, විනාශ කලෙත් GMOA එක. මේ අයට නිසි දැක්මක් නෑ. ලිඳේ ඉන්න මැඩියන් වගේ උඩ පැනපැන කෑගහනවා. තමන්ම තමන්ගේ වර්ණනාව කරගන්නවා. එහෙම නැත්නම් කඩේ යන අයට කියලා ලෝකෙන්ම ඉහළ තැන තියෙනවා කියලා පුරසාරම් කියවනවා.
GMOA එකට කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ මේ අවස්ථාවේ, GMOA කිව්වොත් පුද්ගලික විශ්ව විද්‍යාලේ නවත්වන්න කියලා , අපේ ගෝඨා සර් කියාවි, මම මේක නවත්වන්නම් නමුත් මම ලබන සතියේ ඉඳන් පිටරට ඉන්න 5000 බැගින් සතියකට ලංකාවට ගෙනත් නිරෝධනය කරනවා... ඔබල කන්කෙඳිරි නොගා නිවාඩු නැතිව මිනිස්සු සනීප කරන්න.. ඉදිරි වසර දෙක තුළ දොස්තරලා කාටවත් පිටරට යන්නත් බැහැ. විශ්‍රාම යන්න දෙන්නෙත් අර මදිය කිව්ව දොස්තරලා 4500 ලංකාවේ විශ්ව විද්‍යාල හෝ පිටරට විශ්ව විද්‍යාලවලින් මෙහෙට ඇවිත් සම්පූර්න වුණු දිනක කියලා...
GMOA එක දඟලන්නේ යහපාලන ආණ්ඩුව තිබෙනකොට, රජප්කෂවරු රට පාලනය කරන කාලේ සෛටම් එක අවුරුදු 5ක් විතර තිබුණා කිසිම ප්‍රශ්නයක් නැතුව.. යහපාලන ආණ්ඩුව අාපු ගමන් පාරවල් වහගෙන උද්ගෝෂණ, ඇත්තටම රාජපක්ෂ ආණ්ඩුව විසින් පටන්ගත්ත රටට අත්‍යවශ්‍ය දෙයක් සෛටම් එක..., නමුත් කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ යහපාලන කාලේ..., සයිටම් එකට විරුද්ධව විරෝධතා එනකොට රාජපක්ෂලාත් උදව් කලේ උද්ඝෝෂකයින්ට...
සල්ලි තිබෙන අය පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලවලට ගියාම සල්ලි නොමැති අයට වැඩිපුර රජයේ වෛද්‍ය විශ්ව විද්‍යාලවල ඉඩ ලැබෙනවා. ප්රශ්නය තිබෙන්නේ රජයේ වෛද්‍ය විශ්ව විද්‍යාලවලින් එළියට ඇවිත් රජයේ සේවයත් කරලා එලියට එනවිට මොවුනට ක්ලිනික් දාගන්න තැනක් ඉතිරිවෙලා නැහැ. නගරවල සෑමතැනම පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලවලින් පැමිණි දොස්තරවරු ක්ලිනික් දාලා. එ්කයි මොවුන්ට තිබෙන ප්රශ්නය... අනික මේ පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලවල සිසුන්ට පුහුණුවට රජයේ ඉස්පිරිතාල වලට යන්න වුවමනා නැහැ.. ආසිරි ඒක හොඳටම ප්‍රමාණවත්. ඒක තලවතුගොඩ සිදුවෙලා.
ඉතාමත් හොඳ දෙයක්... අධ්‍යාපනය මුළු ආසියාවටම අපිට උගන්නන්න පුළුවන්. උදව් කරන්න.. කකුලෙන් අදින්න එපා.
ඉතාම හොඳ දෙයක් සාමාන්‍යයෙන් විද්‍යා අංශයෙන් ගෙන්න ගන්න එන්නේ සාමාන්‍ය පෙළ ඒ අටක් ඒ නමයක් එහෙම නැත්තං ඒ සාමාර්ථ පහකට වැඩිය ඉතින් මේ රටේ හොඳම ඉගෙන ගත්ත ළමයි ටික සියයට දහයක ටයි වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න වෙන්නේ ඉතිරි ඔක්කොටම කෝ විකල්පයක් සී 3ට වැඩි සියලු දෙනාට විශ්වවිද්‍යාලයට යන්න දෙන්න අවශ්‍යයි... ඒ අය උගත් දරුවන් සල්ලි තියෙනවා නම් ඒ අයට අවස්ථාව තිබිය යුතුයි.. ඒ වගේම තමයි ජාත්‍යන්තර පාසල් දරුවෝ ඒ අයත් මේ රටේ දරුවන් ඒ අයටත් මේ අවස්ථාව තිබිය යුතුයි.. අපේ පළමු වෛද්‍ය විද්‍යාලයේ පටන් අරන් තියෙන්නේ එක්දහස් අටසිය ගණන්වල මත් වෛද්‍ය විද්‍යාල අටක් තමයි අපිට තියෙන්නේ නමුත් නේපාලයේ වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තේ 1980 මේ වෙනවිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දහයක් විතර තියෙනවා.. වෛද්‍ය විද්‍යාල හතරක් තියෙනවා. අපේ ළමයි එහේ ගිහිල්ලා ඉගෙන ගන්න මොන තරම් විදේශ වෙනුවෙන් පිටරට ඉන්නවද? වෛද්‍ය විද්‍යාල 5ක් විතර මේ රටේ ආරම්භ කළ යුතුයි...
ප්‍රයිවට් මෙඩිකල් විශ්ව විද්‍යාලවලට තිබෙන විරුද්ධත්වය හේතු සහිතව ලියන්න අපිට දැනගන්න. පුද්ගලික අධ්‍යාපනය දැන් පිළිගත් ක්‍රමයක්.. ලෝකේම ඒ අධ්‍යාපන සහතික පිළිගන්නවා. පිටරටවල රැකියාවන් ලැබෙනවා. ලෝකයේ අනික් රටවල පුද්ගලික මෙඩිකල් විශ්ව විද්‍යාල මගින් තමයි දොස්තරලා බිහිකරන්නේ.. මොකද ලංකාවේ බැරි..?