(ටී.කේ.ජී.කපිල )
විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවල සිට යළි ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ, ඉදිරි දිනවලදී තවත් ශ්‍රී ලාංකිකයන් 825 ක පමණ ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය , අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
ඒ අනුව හෙට(11) පිලිපීනයේ මැනිලා නුවර සිටද, 13වැනිදා මාලදිවයින මාලේ නුවර සිටද, 15 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර සිටද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 3 ක් මගින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට නියමිතය.
ඊට අමතරව ඉන්දියාව වෙත යෑමට නොහැකිව මෙරට තුළ තවදුරටත් රැදී සිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් 15 දින බැංගලෝර් නුවර වෙතත් , 22 දින නවදිල්ලි නුවර වෙතත් , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් රැගෙන යෑමට නියමිත බව ඉන්දීය ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.
මේ අතර අද දහවල් 12.45 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් එරට සිට ගුවන් මගීන් 9 දෙනෙකු පැමිණ තිබේ.
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම කට්ටියටත් මැදපෙරදිග ඇතුළත් නැහැ... එයාලා ලංකාවේ පුරවැසියන් නොවේද?
මේ මේ හලෝ, තමුන්ලා ඔය ගේන්නේ දුක්විඳලා රටට සල්ලි හම්බකරලා දෙන්න ගිය මිනිස්සුද? කෙලින් පිරිමි වගේ වැඩකරනවලා. මෙහෙ මැදපෙරදිග මිනිස්සු ඉන්නවා ගේන්නේ හෝසේට... අවශ්‍ය දේ කරනවා ජනාධිපති එක්ක එකතුවෙලා කලින් ආණ්ඩු වගේ පිස්සු කෙලින්නේ නැතුව...
පොහොට්ටුවේ බොහෝමයක් දෙනා ඉන්නේ එංගලන්තයේද? දන්නා තරමින් ඔක්කොම වැඩ කලේ එජාපයට ධනපති පන්තිය වෙනුවෙන් ඔන්න ඕකයි තත්වේ...
ඔක්කොම ගේන්නේ හොද හොද රට වල අය.
ආසියා කලාපයේ අඩුම කොරෝනා රෝගීන් වාර්තාවන හොංකොං වලට අාපු ගුවන් යානා කිසිදුු මගියෙක් අරන්ගියේ නැහැ, කාගෝ විතරක් ගියා, මටනම් යන්න ඔනි නැහැ යන්න ඔනි මිනිස්සු අඩුම දහදොලොස් දෙනෙක්වත් ඇති, විශේෂයෙන් දැන් හොංකොං විශ්වවිද්‍යාවල සමර් එකේ නිවාඩුව එක් අවුරැදු පාඨමාලා වෙනුවෙන් පැමිණි ශිෂ්‍යයන්ගේ විභාග කටයුතු අවසන් වී ඇත. රැකියා අහිමිවීම මෙහි සිටින ලාංකිකයන්ටද බලපා ඇත. එහෙත් ඔවුන් වෙනුවෙන් හඩක් නොමැත. සමාවුව මැනවි. විදේශයන්හි ඉන්න අපි කුමක් වෙනුවෙන් කොවිඩ් 19 වෙනුවෙන් අරමුදලට සල්ලි දිය යුතුද? මාගේ අදහස සත පහක් නොදිය යුතුය, මේවා සියල්ල හක්කේ බුදු ගුණ බොක්කේ දඩමස් වැනි ගෙම්, කවුරැ දේශපාලනය කලත් ඔවුන් හැමවිටම මහජනතාව වෙනුවෙන් පෙනී නොසිටී, හුදෙක්ම තම තම හිත මිතුුරන් වෙනුවෙන් කටයුතු කරයි.
හොර ආණ්ඩුවෙන් මීට වඩා බලාපොරොත්තු වෙන්න බැහැ.
එන්න අවශ්‍යමද? කොරෝනා නැත්නම් ඔය රටවලම ඉඳලා තව කීයක්හරි හම්බ කරගෙන සැපවත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය මුදලක් උපයාගෙන සිටියොත් නරකද? ලංකාවේ නම් රැකියාවල් නැහැ.. එනවා නම් උපයාගත් මුදල්වලින් තමයි ජීවත් වෙන්න සිදුවන්නේ.. ලංකාවේ එක දේශපාලුවෙකුටවත් රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ශක්තියක් නැහැ. බොරු කයිවාරු විතරයි මොවුන් ළඟ තියෙන්නේ...
බංග්ලාදේශ්වලින් ආවාද?
ඔන්න බලන්න ඉන්දියාවේ බෝරා සමාජයට තියන පිළිගැනීම්, මේ රටේ බදු ගෙවන සහ විදේශ විනිමය ගේන්න මේ රටේ පුරවැසියන්ට මේ ආණ්ඩුව යටතේ නැහැ. කෝ එකම රට, එකම නීතිය?
මොන ක්‍රමේකට මේ වැඩේ කරනවද කියලා සැකයි. ජනාධිපතිතුමා දන්නවාද මේ වැඩේ කරන විදිය ගැන...? ගොඩක් මිනිස්සුන්ට අසාධාරණ විදියට තමයි මේ මිනිහා වැඩ කරන්නේ. මෙයාගේ වැඩවලින් ආණ්ඩුවේ ඡන්ද නම් ගොඩක් කැඩුණා.