(පුෂ්පකුමාර ජයරත්න )
එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය පිරිස හදපු බලවේගයේ විපත්මඟ මේවනවිට ආරම්භ වී ඇති බැවින් පක්ෂයෙන් ගිය අයට නැවත පක්ෂයට එකතු වීමට අවස්ථාවක් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10) පොල්ගහවෙලදී පැවැති රැස්වීමකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය .
එම බලවේගයට එක්වූ පිරිස් මේවනවිට ඉන් ඉවත් වෙමින් සිටින බවද එක්සත් ජාතික පක්ෂයට එරෙහිවූ කිසිවෙකුට හරි නොගිය බවද කාරියවසම් මහතා පැවසීය
එක්සත් ජාතික පක්ෂයේ පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ මැතිවරණ ප්‍රචාරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් එජාප මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය .
පොල්ගහවෙල එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායක සහ කුරුණෑගල දිස්ත්‍රික් එජාප අපේක්ෂක නිරාල් කළුහෙන්දිවල මහතා විසින් මෙම කාර්යාලය ආරම්භ කරනු ලැබීය . මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවිධානය කරන ලද ප්‍රථම දේශපාලන රැස්වීම මෙය වීමද විශේෂත්වයකි .
පක්ෂයෙන් එළියට බැහැලා ගිය අයට විනය ක්‍රියාමාර්ග අරගෙන තිබුණද නිදහසට කරුණු කියා ඔවුන්ට ආපසු පක්ෂයට එ්මට තවමත් අවස්ථාව ලබා දීලා තිබෙනවා යැයිද එජාප මහලේකම්වරයා සඳහන් කළේය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද පැවසීය.
‘‘එක්සත් ජාතික පක්ෂයට විපතක් කරන්න ගිය කාටවත් හරි ගිහිල්ලා නැහැ . ඩඩ්ලිලා , සර් ජෝන්ලා , ජේ.ආර්ලා , ප්‍රේමදාසලා වැනි පරිනත ප්‍රබල නායකයෝ හිටපු පක්ෂයක් මේක . මේ පක්ෂයෙන් අපේ රටට දායාද කරපු දේවල් තමයි අදටත් මේ රටේ ජනතාව භුක්ති විඳින්නේ...
අපි ඒ විදිහට විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවානම් මේ වෙනකොටත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඉතාමත් පහසුවෙන් අයින් කරන්න අපට පුළුවන් කම තිබෙනවා . නමුත් අපි ඒ දේවල් නොකර තාමත් බලා ඉන්නවා කීප දෙනෙකුගේ වචන වලට රැවටිලා ගිය පිරිස ආපසු පක්ෂයට එකතු කරගෙන ජයග්‍රාහී ගමනක් යන්න . ඔවුන්ට පුළුවන් තමන් කළ වරද හදාගෙන අපි සමග නැවත එකතු වෙන්න .
මේ දැනුත් මට පණිවුඩයක් ආවා ඔය හදපු බලවේගයේ කෙනෙක් ඉල්ලා අස්වෙලා කියලා . ඊයේ හිටපු ප්‍රබලම අැමතිවරයෙක් ඒකෙන් ඉල්ලා අස්වුණා . දැන් ඒ බලවේගයේ විපත්මඟ ආරම්භ වෙලා තියෙන්නේ . මේ පක්ෂයට හානියක් කරන්න හිතපු කාටවත්ම හරි ගිහිල්ලා නැහැ . ඩී.එස්.සේනානායක මැතිතුමා මේ පක්ෂය හදන්න හොඳ නැකතක් එනකල් අවුරුදු හයක්ම බලාගෙන ඉඳලා තියෙනවා .
ඔයිට වැඩිය ප්‍රබල නායකයෝ පක්ෂයෙන් ගිහිල්ලා වැඩ වරදිනකොට අාපහු අපේ පක්ෂය වෙත ආවා . ඒ කාටවත්ම හරි ගියේ නැහැ . ජොන්ස්ටන්ලා , දයාසිරිලා , ඉන්දිකලා , කෙහෙළියලා ගියා කියලා එක්සත් ජාතික පක්ෂය වැටුනේ නැහැ . ඒ කවුරු ගියත් එක්සත් ජාතික පක්ෂය නොවැටී ඉදිරියටම ගියා . ඒක තමයි ඇත්ත .
ඔය බලවේගයේ අය මොන තරම් කයිවාරු ගැහුවත් අලියාට ආදරය කරන නියම එක්සත් ජාතික පාක්ෂිකයෝ මේ මැතිවරණයේදී තමන්ගේ ජන්දය දීලා එක්සත් ජාතික පක්ෂය දිනවන එක ස්ථිරයි.‘‘ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
පොල්ගහවෙල එජාප සංවිධායක නිරාල් කළුහෙන්දිවල මහතා ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට තරඟ කරන එජාප අපේක්ෂකයින් කීප දෙනෙකුම අදහස් දැක්වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රේමදාසත් 70 ගණන්වල යූඑන්පී අතහැරලා ජිනදාස නියතපාලලා එක්ක ගිහින් වෙන පක්ෂයක් හදන් ඉඳලා ආපහු යූඑන්පී ආවා. හැබැයි මේ අය ආපහු ගියොත් ඔවුන්ගේ නාම යෝජනාවලට මොකද වෙන්නේ...?
දොරවල් ඇරලා තියෙනකොට හොරු රිංගන්න පුලවන්
බලද්දී හැමෝම සැලෝන් දොරවල් හයි කරලානේ.
පුත්‍ර සමාගමට ගුරු භක්තිය කියා දෙයක් තිබුණේම නැහැ. නායකතුමා තම අතින්ම අල්ලාගෙන ඔවුන්ට දේශපාලන වේදිකාවට කැන්දාගෙන ආවත්, එයින් වැඩි දෙනෙක්ම නායකත්වයකට එරෙහි වුණා. අවමන් කළා... ඉතින් මේ තත්වයෙන් පාඩමක් ගෙන ඔබලාගේ පක්ෂය පිරිසිදුව තබාගෙන ඉදිරියට යාම වඩාත් කාලෝචිතයි. එයට අවශ්‍ය පරිසරය ඉබේම සෑදී අවසන්ය.
බල්ලෙක්වත් ඕකට රිංගන්නේ නැහැ. අපි ඔක්කොම සජිත් එක්ක.. ආයේ එන්න නොවෙයි අපි ගියේ...
දොරවල් ඇරලා ඉන්න හොරු ටික එළවලා හිටියා නම් පක්ෂයට වැඩක් වෙයි. අපිත් අවුරුදු 25ක් තිස්සේ බලන් හිටියා වැඩක් වෙයි කියලා, නමුත් ඔබතුමාලා මේක ප්රපාතයටම අරන් ගිහින් අන්තිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගානටම අරන් ගියා. මෙවර ඔබතුමාලට තරගයක් තියෙන්නේ JVP එකත් එක්ක විතරයි.
ඇයි මෙයා උඩ බලාගෙන කතා කරන්නේ?
ලබන ඡන්දෙන් පැරදිලා ඇපත් නැතිවෙන පක්ෂයකට එන්න කැමති කවුද? රනිල්ට ඡන්දෙ දෙන්න මිනිස්සු කැමති නැහැ...
අකිල මේ සැරේ UNP ගන්නේ ඡන්ද ලක්ෂ 08 මේ ගාන ඇතිද ඔබලාට...? ඔබලා විශාල පරාජයක් ලැබුවොත් රනිල් වගකීම බාරගන්නවද?
අකිලට නියම පිළිතුර දේවි අගෝස්තු 5 වැනිදට...
රනිල් යටතේ එජාපය විනාශ වුනා මිසක් ගොඩ ගියේ නෑ. ඔහු දුර්වල පක්ශ නායකයෙක් වගේම දුර්වල විපක්ෂ නායකයෙක්. අසාර්ථක මනුස්සයෙක්. 2001 සහ 2015 යාන්තන් අවුරුදු දෙක තුනක් රජයක් පිහිටුවන්න පුලුවන් වුනේ වෙනත් ශ්‍රීලනිපයෙන් ආපු ප්‍රබල චරිත නිසා මිසක් මෙයා කරපු දෙයක් නිසා නොවේ. මේ සැරේ එජාපය වලපල්ලටම යනවා. ඒක රටටත් සෙතක්..
මෙයා කියනවා එක්සත් ජාතික පක්ෂය හැර ගිය කාටත් හරි ගියේ නැහැලු. පොහොට්ටුවේ ඉන්න 1/3 එක්සත් ජාතික පක්ෂය හැර ගිය අය තමයි.
ඒ.ජා.ප.ය. විනාශ කළ මහා ලේකම් නේද? ..
මෙයා ගියානම් හරි..
පක්ෂයේ කොඩිවිනේ මෙයා තමයි..
මෙයා හොඳ මහ ලේකම්කමට නොවේ,.. කරත්තයකට බඳින්න විතරයි .
වැඩ බැරි මහලේකම් ...
මෙයාලගේ වැඩ අගෝස්තු 5 බලමු.