(යොහාන් භාසුර)

ඉන්ධනවලින් ජනතාවට සහන දෙන්න වෙන්කළ රුපියල් බිලියන 57 මෙම ජූනි මාසයෙන් අවසන වන බවත් ඒ නිසා අර්ථිකයටත් බලපෑමක් නොවන ලෙස තෙල් මිල වැඩි කිරීමට රජය තීන්දු කළ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අද (1) පැවසීය.

ලංකා ඛනිජ තෙල් තොග ලබඩා පර්යන්ත සමාගමේ බිල්පත් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් කොළොන්නාව ඛනිජ තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේදී ඊයේ (1) පැවැති උත්සවයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඩී. ජේ. රාජකරුණා මහතා එසේ පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා එහිදී මෙසේ පැවසීය.

“ඇත්තටම අපි පුළුවන් තරම් ජනතාවට, ආණ්ඩුව ඔයගොලලො ගහන හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100 ක් තාමත් දරනවා. ගිය අප්‍රේල්වලත් අපිට තිබුණ පාඩුව දැරුවා. මැයිවගත් දැරුවා. මෙම ජූනි මාසෙත් රුපියල් 100 ක් එක ලීටරයකට දරනවා.

සාමාන්‍යයෙන් 100 ත් 120 ක වගේ තියාගෙන හිටපු මාසයක තෙල් සංස්ථාවේ තෙල් වියදම ඩොලර්වලින් ගතහොත් එය 522 ක් ගිය මාසයේ. ඒක තමයි ලොකුවට ඩොලරයටත් හිට්වෙන්න හේතු වුණේ. මේක තව දුරටත් එහාට ගියෝතින්, ඒ නිසා තමයි ජනතාවට නිතරම කියන්නේ තෙල් පරිභෝජනය පුළුවන් තරම් අඩු කරගන්න කියලා.

f්ක මේදිවියට ගියෝතින් ඩොලරයට බලපෑවොත් ආපහු පෙරළා තෙල් මිලට බලපානවා විතරක් නොවෙයි අනෙක් සියලුම දේවල්වලට බලපානවා. ඒ නිසා අපි මේක කළමණාකරඛණය කරගත්තේ නැත්නම් රටක් හැටියට සියලූම ආර්ථිකයට දරුණු බලපෑමක් ඇති වෙනවා.

ජනතාව මිලදීගන්නා සෑම ඩීසල් ලීටරයකටම ආණ්ඩුව තවමත් රුපියල් 100 ක් දරනවා. මෙම මස මිලගතහොත් ඩීසල් ලීටරයක් රුපියල් 536 ක් වෙනවා. විකුණන්නේ 407 කට, එතකොට එක ලීටරයකින් රුපියල් 29 ක් දැනටත් පාඩුවෙනවා. පෙට්‍රල් රුපියල් 494 ක් වෙනවා. විකුණන්නේ 434 කට, රුපියල් 60 ක පාඩුවක් වෙනවා පෙට්‍රල් ලීටරයකින්. පෙට්‍රල් ලීටරයක අපේ පිරිවැය සම්පූර්ණ රුපියල් 494 ක් වෙනවා. අපි 434 ට විකුණන්නේ රුපියල් 60.08 ක් පාඩු වෙනවා.

මේකෙන් යම් ප්‍රමාණයක් ආණ්ඩුවෙන් දරනවා. රුපියල් 20 ක් දෙනවා. ඩීසල් ලීටරයකට අපිට රුපියල් 100 ක් ලැබෙනවා. ඒ අනුව රුපියල් 29 ක් රජයට පාඩුවෙනවා. ඔය විදියට තමයි දැන් ඇත්තටම තෙල් මිල වැඩි වෙල තියෙන්නේ.

ඒ නිසා ජනතාවට දිගින් දිගටම අපි කියන්නේ තෙල් පරිභෝජනය පුළුවන් තරම් අඩු කරන්න. පසුගිය කාලයේ කිව්ආර් කේතය භාවිතා වුණාට, සමහර ආයත.නවල කිව්ආර් කේතය භාවිතා නොකරපු ඒවා තිබුණා.

ෂෙඩ්වල ප්‍රහ්නයත් තිබුණා. ඒගොල්ලන්ගේ කොමිස් මුදල වැඩි කරලා තියෙනවා. ඒ ගොල්ලන්ගේ පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඒකත් සමඟ කිව්ආර් කේතය සම්පූර්ණ අධීක්‍ෂණය කරනවා.

අපිට ඩිජිටල් අමාත්‍යංශය යටතේ දැනි හැම ෂෙඩ් එකකම සියයට කීයක් ගහලා තියෙනවාද, ලීටරක් කීයක් ගහලා තියෙනවාද කියන එක අපි ලැබෙනවා. දැන් අපි එය සැපයුම්කරුවන්ට දීලා තියෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කිව්ආර් කේතයට ගහන්නේ නැත්නම් ඒගොල්ලන්ට ඉන්සෙන්ටිව් එකක් දීලා තියෙනවා. ඒ ඉන්සෙන්ටිව් එක අනිවාර්යෙන්ම කපනවා. එය මේ සතියේ සිට ආරම්භ කරනවා” යැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.